පාස්කු කොමිසම් වාර්තාව; මෛත්‍රීට පූජිතට හේමසිරිට අපරාධ චෝදනා.! රනිල් නිදොස් කොට නිදහස්..!

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි. එම වාර්තාවේ සදහන් නිර්දේශ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු, බුද්ධි අංශ ප්‍රධානියා සහ එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අයට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතු බවට යෝජනා කර ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා පළ කර තිබුනත්, අපරාධ චෝදනා ගොනු කළ යුතු පුද්ගලයන්ගේ නාම ලේඛනය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සදහන් නොවන බව වාර්තා වේ.

මේ බව, අද “ද මෝර්නිං” පුවත්පත වාර්තා කර තිබේ.

2018 ඔක්තෝබර් විසි හයවන දා සිදු වූ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සදහා තමන්ට ආරාධනා නොකළ බව හිටපු අගමැතිවරයා කොමිසම හමුවේ පවසා තිබුණි.

ප්‍රහාරය පිළිබදව කලින් දැනුවත් කර තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබදව අවධානය යොමු කර, මෛත්‍රීට, හේමසිරිට සහ පූජිතට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතු බවට කොමිසම නිර්දේශ කර ඇති බවයි පැවසෙන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *