මට හදිස්සියක් නෑ..! ඇමති බන්දුලගේ 2024 ජනපති අපේක්ෂක යෝජනාවට ඇමති නාමල් බෑ කියලා..!

තමන් මෙම ධූරකාලයෙන් පසුව දේශපාලණයෙන් සමුගන්නා බවට වර්තමාන ජනාධිපති ගෝඨාභය මැදගොඩ අභයතිස්ස හිමියන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ පසුගිය දිනෙක අප වාර්තා කළා ඔබට මතක ඇති.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වන අන්දමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හදිසියේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති අතර ජනාධිපතිවරයා නැවත මැතිවරණයට තරග නොකරන පුවත ලුණු ඇඹුල් දමමින් ඔහු අගමැතිවරයාට පවසා ඇති අතර නන්දසේන සර් එන්නේ නැත්නම් අපි නාමල්ව දාමු නේද සර්..? යනුවෙන් කටට උත්තරය ලබාදී ඇමති බන්දුල විමසා ඇති අතර මහින්ද අගමැතිවරයා නිහඩ වුවද ඇමති නාමල් තමන්ට දේශපාලනයේදි කිසිදු හදිස්සියක් නොමැති බව සදහන් කරමින් එම යෝජනාව බැහැර කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.

මුලාශ්‍රය – SL Vlog

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *