විහාරගමුත් චීනයටද? ලැයිස්තුවෙන් ආපු අලි සබ්‍රිරිට ජනපති නන්දසේන මෙච්චර බය ඇයි..?

ආණ්ඩුව විහාරගම් සහ දේවාල පණතට අත තියන්න යෑමේ යටි අරමුණ එම ඉඩම්ද චීනයට ලබාදීම විය හැකියැයි IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි.

අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පලකළ අතර වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු

බලන්න වර්තමාන ජනාධිපති නන්දසේන රාජපක්ෂ මැතිතුමා කොච්චර අසරණ වෙලාද කියලා..? අලි සබ්‍රි කියනවා මුස්ලිම් නීතියට අත තියන්න නම් විහාරගම් හා දේවාල ගම් පණත අකුල ගන්නලු. අපිට තියෙන මෙයාලා මේ හදන්නේ විහාරගම් සහ නින්දගමුත් චීනයට දෙන්නද කියන සැකය සමාජය තුල නිර්මාණය වෙලා තියෙනවා. බලන්න 69 ලක්ෂයක ඡන්දයෙන් ආපු ජනාධිපතිතුමා ජාතික ලැයිස්තුවෙන් ආපු අලි සබ්‍රි කියන විදියට නටනවා කියන්නේ කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? ඇත්තටම ජනාධිපතිවරයා අලි සබ්‍රි හට මෙච්චර බය ඇයි කියන කතිකාවත මේ වෙද්දි සමාජය තුල නිර්මාණය වෙලා තියෙන්නේ.

සිවිල් පුරවැසියෝ හැටියට අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා මේ පිළිබදව මීට වඩා අවධානයෙන් සහ අවබෝධයකින් යුතුව කටයුතු කරාවි කියලා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *