ඉන්දියාව ලංකාවට අත තියන්න එන්නේ ලංකාවේ ආණ්ඩුව දුරවල නිසා..! නිතිවේදි මහානාමහේවා..!

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය විසින් සිය දේශපාලන කටයුතු ශ්‍රී ලංකාව සහ නේපාලය දක්වාද ව්‍යාප්ත කිරීමට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

භාරතීය ජනතා පක්ෂයේ හිටපු ජාතික සභාපති අමිත් ශා විසින් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී මෙම අදහස් පළකල බවයි ත්‍රිපුර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිප්ලාබ් කුමාර් දෙබ් විසින් සඳහන් කර ඇත්තේ.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් අදාළ කටයුතු සිදුකරන බව අමිත් ශා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ස්වාධීන රටවල ස්වෛරීභාවයට අදාළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රිපුර මහ ඇමතිවරයාට විරුද්ධව පියවර ගන්නැයි ඉන්දීය විපක්ෂ දේශපාලන පක්ෂ ඉල්ලීමක් කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කලා.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රවීන නීතිවේදි මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසුවේ යම් රටක පවතින ආණ්ඩු දුර්වල වන විට මෙවැනි අතපෙවීම් වලට ලක්වීම ලෝක දේශපාලනයේ සාමාන්‍ය තත්වයක් බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *