මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට කැබිනට් මණ්ඩලයේදීම දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙන්ම සමගි ජන බලවේගයේ සභාපති ජෙනරාල් සරත් ෆොන්සේකාද පවසා ඇත.
එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද ඔවුන් කීය.
ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවද ඔවුන් පවසා ඇත.