ඉන්නේ රෙදි ඇදගෙනද? කාදිනල්තුමා මෛත්‍රිගෙන් අසයි..! බුදියගෙනද හිටියේ..? ජනතාව කාදිනල්තුමාගෙන් අසයි..!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නේ රෙදි ඇදගෙනදැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප‍්‍රශ්න කරයි.

මිනිසුන් මැරෙන බව දැන දැනත් තමන්ගේ යුතුකම අමතක කර පිටරට ගිය හිටපු ජනාධිපතිතුමාත් නැවතත් ඡන්දය ඉල්ලන්නේ කෙසේදැයි අගරදගුරුතුමන් විමසති.

කොමිෂන් සභා වාර්තාවේ ඔහු වැරැදිකරුවකු ලෙස හඳුන්වා දී ඇති නිසා පක්ෂයක නායක වන්නේ කෙසේදැයි පැවසූ අගරදගුරුතුමන් ඔහුට විරුද්ධව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තවත් පරක්කු වීමට අවශ්‍ය නැතැයි ද කියා සිටියහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ අද පාස්කු ඉරිදා දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුල කාදිනල්තුමාගේ මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතර වැඩි කොටසකගේ අදහස වී ඇත්තේ මෙතෙක් කලි නිදාසිටි කාදිනල්තුමා නින්දෙන් නැගිට ඇත්තේ දේශපාලන කොන්ත්‍රාතත්තු ඉටුකිරීමට බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *