මහින්ද ගෝඨා දෙන්නම ෆේල්..! ආර්ථිකය ගොඩදාන්න බැසිල් නැතුව බෑ – දිලුම් අමුණුගම

කොවිඩ් ව’සංග’ත තත්වය හේතුවෙන් බි’ඳ’වැ’ටී ඇති ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ දක්වා ආණ්ඩුවට පිටතින් සිටිමින් ඔහු අවශ්‍ය උපරිම සහයෝගය ලබාදුන් බවත්, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම හරහා ඊට වැඩි සහයෝගයක් ලබාදිය හැකි බවද ඇමතිවරයා පවසනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විටම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුව තිබූ බවත්, කෙසේ නමුත් ඔහු පක්ෂය ශක්තිමත් කරමින් පිටත සිට සහයෝගය ලබාදීමට තීරණය කළ බවත් අමුණුගම මහතා පවසනවා. මීට පෙර බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස රටට විශාල සේවයක් කළ බවත්, එම සේවය යළිත් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවත් ඔහු පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පක්ෂයේ සියලු දෙනාගේ ඉල්ලීම සහ ආශිර්වාදය මත බවයි දිලුම් අමුණුගම මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *