සිනොවැක් එන්නත දෙන්නම්.
හැබැයි මිල ගණන් රටේ ජනතාවට හෙළි කරන්න බෑ.
චීනයෙන් අමුතු කොන්දේසියක්..!
sunday times වාර්තා කරයි.
ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව විසින් මිලදී ගැනීමට නියමිත,චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත් මාත‍්‍රාවක මිල ගණන් ජනතාවට හෙළි කිරීම තහනම් බවට වූ කොන්දේසියක්, අදාල නිෂ්පාදන සමාගම විසින් මිලදී ගැනීමේ කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් කර තිබෙන බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.
සිනොවැක් එන්නත් මාත‍්‍රාවක මිල ගණන් ජනතාවට හෙළි කළහොත් හෝ ඒ ගැන ප‍්‍රසිද්ධියේ කතා කළ හොත්, සැපයුම අවලංගු කරන බවද අදාල සමාගම පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ලංකාවට සිනොවැක් එන්නත ගෙන එන්නේ කෙලූන් ලයිෆ්සයන්ස් නම් ආයතනයක් මගිනි. එම සමාගමේ සභාපති වී නඩරාජා මහතා, අමාත්‍ය චන්න ජයසුමන වෙත ලිපියක් යොමු කරමින්, සිනොවැක් එන්නත ලංකාව සදහා මිලදී ගැනීමේ දී තරගකාරී හොද මිලක් ඉදිරිපත් ව තිබෙන බව පවසා ඇතැයි, පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.
