කපුටෝ මරන්න ගිය මොරටු පුතා සමන්ලාල්ට වැඩ වරදී..! ශිරාල්ට සහ වන්නිනායකට තීරණාත්මක ජයග්‍රහණයක්..!

සමන්ලාල්ගෙ කුමන්ත්‍රණය ශිරාල් සහ වන්නිනායකගේ මෙහෙයවීමෙන් පරාජය වේ.

මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක ඇතුලු විපක්ෂ මන්ත්‍රිවරු දෙදෙනකුට මොරටුව නගරාධිපතිගේ මෙහයවීමෙන් මොරටුව පොලිසිය බොරු චෝදනා ගොනුකොට රිමාන්ඩ් බන්ධනාකිරීමට දැරු උත්සාහය නීතිඥවරුන්වන ශිරාල් ලක්තිලක, ගුනරත්න වන්නිනායක සහ අතුල රණගල මහත්වරුන් අධිකරනය ඉදිරියේ කරුනු දැක්වීමෙන් අනතරුව ව්‍යර්ථ කරන ලදී. අධිකරනය විසින් චූදිතයින් ඇප ලබා නොදීම සඳහා ප්‍රමානවත් සාක්ෂි නොමැති පදනමින් ඇප කොන්දේසි මත නිදහස් කරන ලදී. මෙම සිද්ධියට මුල්වුයේ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාරැස්වීමට පැමිනීමට පෙර රජයට එරෙහිව උද්ඝෝෂනයක් කිරීමේදී නගරාධිපතිවරයා සභාවේ ආරක්ෂක නිලධාරියකු ලවා සභිකයන්ට හා මාධ්‍ය නියෝජිතයන්ට නගර සභා පරිශ්‍රයට ඇතුලුවීම තහනම් කිරීමට දැරු උත්සාහය පදනම් කොට ගෙනය. නගරාධිපතිවරයා ආරක්ෂක නිලධාරියා පහර කෑ බව කියමින් රෝහල් ගත කොට තිබු අතර පොලිසියට පැමිනිල්ලක් ද කොට තිබුනි. මොරටුව භාර පොලිස් අධිකාරිවරයා නගරාධිපතිවරයා සමග කුමන්ත්‍රනය කරමින් ස්ථානාධිපති වරයාට බලපැම් කරමින් විපක්ෂ නායක වරයා ඇතුලු නාගරික මන්ත්‍රී වරුන් අත්අඩංගුවට ගැනීමට ප්‍රයත්න දරා තිබුනි. මන්ත්‍රී වරුන් අද දින පොලිසයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරනයට ඉදිරිපත් කරන ලදී

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *