සුසිල්ට පසු ඇමතිකම අහිමිවන රාජ්‍ය ඇමති මෙන්න..!

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ඒ ජනපතිවරයා විසින්.

ආණ්ඩුව විවේචනය කිරීම

ඊට හේතුව ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමයි.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කළ ආකාරයට ඉවත් කෙරෙන මීලඟ රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳවද ඉඟි පලවෙමින් තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මීළඟට එම ඉරණමට මුහුණ දෙන රාජ්‍ය අමාත්‍යවරයා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

රාජ්‍ය ඇමතිගේ පිලිවෙත

විදුර වික්‍රමනායක මහතාද ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව මෙන්ම කැබිනට් මණ්ඩලය ප්‍රසිද්ධියේම තදින් විවේචනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙක්.

ඒ නිසා විදුර වික්‍රමනායක මහතාගේ රාජ්‍ය අමාත්‍යධූරය අවදානමක තිබෙන බවට තොරතුරු හෙළිදරව් වන අතර ඔහුටද ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වීම ඉතා නුදුරේම සිදු කිරීමට නියමිත ඇමති සංශෝධනයේදී හෝ ඊට පෙර සිදු විය හැකි බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *