2022 පළමු රැස්වීමේදි සජිත්ට හතර වටින් ප්‍රහාර..! සජබ ගිනි ගනී..! රනිල්ටත් මඩක්..!

2022 නව වසරේ පළමු රැස්විමේදි සජබය ගිණි ඇවිලෙයි

2022 වසරේ සමගි ජන බලවේගයේ පළමු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පසුගිය දිනෙක පක්ෂ මුලස්ථානයේදි පැවැත්වුනු අතර එහිදි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නිලධාරින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව අපට වාර්තා වේ.

සර් අපි එක්සත් ජාතික පක්ෂය සමග තියෙන ආරවුල් විසදගන්න ඕනේ. සර් එක්ක තරහට රනිල් හම්බන්තොට ගුවන් තොටුපලට වී පිරෙවුවා කියන දේ මිනිස්සු විශ්වාස කරනවා කියලා ඔබතුමා හිතනවද..? ඒක අපි පත්කරගත්ත ආණ්ඩුව. ඔබතුමත් ඒකේ හිටියා කියලා ඔබතුමා අමතක කරන්න එපා යනුවෙන් පක්ෂ ප්‍රබලයෙක් දිගින් දිගටම අදහස් දක්වද්දි සජිත් පාර්ශවයෙන් අදහස් දක්වන්නට අලුතින් පත්වීම් ලැබු තරුණයෙක් නැගි සිටියේය.

ඔබතුමා ඇයි නැගිට්ටේ..? ඇයි නායකතුමාට කට නැද්ද? ගොලුද එතුමා..? යනුවෙන් හතරවටින් ඔහුට ප්‍රහාර එල්ලවීමත් සමගින් ඔහු නැගිටගත් වේගයෙන්ම අසුන්ගත් අතර එහිදි නැගිසිටි කළුතර දිස්ත්‍රික් ප්‍රබලයෙක් දැඩි ලෙස විවේචනය කළේය.

ඒ කාලේ අපිට බෝම්බ ගහපු මිනිස්සුන්ව අද අපිට ඉහලින් තනතුරු වලට දාන්න හදනවා. මොකක්ද මේ පිස්සුව? කාවද අර අගලවත්තට ඔබන්න හදන්නේ? පිස්සුද හැටිද යනුවෙන් ඇසිමත් සමගින් සජිත් ප්‍රේමදාස මහතා නිහඩව බිම බලා සිටි බව සදහන්.

අපි වැඩක් කරද්දි සැලසුමකට අනුව කරන්න ඕනේ.. එහෙම නැතුව පිස්සෝ වගේ වැඩකරලා ආණ්ඩුව ශක්තිමත් කරන්නද උවමනාව..? අපි කියවනවා. සතියකින් සේරම ඉවරයි. සැලසුමක් නැතුව වැඩ කරලා ජෝකර්ලා වෙන්න බෑ. ඔබතුමාගේ උපදේෂකයෙක් අන්න ගිහින් ජවිපේ උස්සනවා. මොකක්ද මේකේ තේරුම? යනුවෙන් තවත් ප්‍රබලයෙක් සජිත් ප්‍රේමදාස හට දැඩි චෝදනාවක් එල්ල කළ අතර එහිදිද සජිත් මුණිවත රැකිම සියල්ලන්ගේ විමතියට හේතුවු අතර සජිත් වෙනුවෙන් පිළිතුරු ලබාදෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවිමද විශේෂත්වයකි.

කැස්බෑව නිසා උණුසුම් වු එජාපය

එක්සත් ජාතික පක්ෂය මෙවර නව වසරේ කටයුතු ආරම්භ කළේ සිරිකොත මන්දිරයේ පැවති චාම් උත්සවයකිනි. එම උත්සවය අවසානයේ පාලිත රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා වෙත පැමිණි ප්‍රාදේශිය දේශපාලන නායකයින් කිහිපදෙනෙක්ම කැස්බෑව ආසනයේ මතුව ඇති අර්බුදය පිළිබදව ඔහුගෙන් විමසා සිටියේය.

එතන ඔය පේන තරම් දෙයක් නෑ. පොඩි මිස් අන්ඩස්ටෑන්ඩින් එකක් තියෙන්නේ යනුවෙන් රංගේ පිළිතුරු ලෙස පවසා ඇති අතර එහිදි කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු විමසු ප්‍රශ්ණයක් නිසාවෙන් රංගේ බණ්ඩාරට උන්හිටි තැන් පවා අමතක වී ඇත.

සර් ඒක පොඩි ප්‍රශ්ණයක් නම් ඇයි සර්ට තාම ඒක විසදගන්න බැරි සර්නේ මහ ලේකම් ඕක කතා කරලා විසදන්නකෝ යනුවෙන් එම මන්ත්‍රිවරයා පවසා ඇති අතර එහිදි රංගේ පවසා ඇත්තේ මම පක්ෂ මහ ලේකම්වරයා ලෙස පක්ෂයට ආදරය කරන පක්ෂය වෙනුවෙන් කැපවීම් කරපු උපුල් මාලේවනව ආරක්ෂා කිරිමට බැදි සිටින බවත්ය. කැස්බෑව ආසනයේ ඉහත සිද්ධියේදි යම් අතපසුවීමක් සිදුවී ඇත්නම් එය සාකච්ඡා කර විසදාගත හැකි බවද රංගේ බවසා ඇති බව අපට වාර්තා වේ.

උපුල් පක්ෂයට ආදරේ කරන මනුස්සයා. අර ලිලානිලගේ කෑල්ලේ වායු සමීකරණය කැඩුණු වෙලාවේදි උපුල් තමයි ඒක හදලා තියෙන්නෙත්. ඔය මනුස්සයව රැකගන්න ඕනේ. නැත්නම් කොළඹ අපිට උන්හිටි තැන් නැතිවෙනවා යනුවෙන් එහිදි කොළඹ මන්ත්‍රිවරුන් කිහිප පොළක්ම පක්ෂ ප්‍රබලයන්ගෙන් ඉල්ලා ඇති බව සදහන්.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර සහ කොළඹ දිස්ත්‍රික් කළමණාකාර ලසන්ත ගුණවර්ධන සමග කැස්බෑව ආසනයේ බොරලැස්ගමුව නගර සභාවේ මන්ත්‍රිධුරයක් සම්බන්ධයෙන් මතුවු අර්බුධයක් නිසාවෙන් උපුල් මාලේවන කැස්බෑව ආසනයේ දේශපාලණ කටයුතු වලින් ඉවත්ව සිටින අතර ඔහු මේ පිළිබදව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව 13 වරක් දැනුම්වත් කර ඇති අතර ඔහු මෙම ප්‍රශ්ණය විසදන බවට පොරොන්දු වී ඇත. මසකට අධික කාලයක් ගතව ඇතත් තවමත් එම ගැටළුව විසදි නැති බවයි විශ්වාාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වන්නේ.

මාලේවන උපුල් – පාලිත තෙවරප්පෙුරුම අළුත් වැඩක..! පිටුපසින් ප්‍රබලයින් රැසක්..!

පසුගිය සතියේ මාලේවන උපුල් සහ පාලිත තෙවරප්පෙරුම එක්ව යාපනයේදි අළුත් වැඩකට අතගැසු අතර අපේ දුක්ගන්නාරාල ලෙස ආරම්භ වු එම වැඩසටහන ඉදිරි දින කිහිපය තුල සියළු දිස්ත්‍රික්කයන් පුරා ක්‍රියාත්මක වීමට නියමිත අතර හඩක් නැති මිනිසුන් උදෙසා ශක්තියක් වීම මෙහි අරමුණ බව සදහන්.

රනිල්ට සජබ සමාජ මාධ්‍ය බලකායෙන් මඩක්

ජනවාරි 18 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකර පාර්ලිමේන්තුව අමතා ‘රාජාසන කතාව’ සිදුකිරීමෙන්

අනතුරුව, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම ‘රාජාසන කතාව’ සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලීමේ සුදානමක් ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයමින් තිබේ. විශේෂයෙන්ම සජබ සමාජ මාධ්‍ය බලකාය විසින් මෙම පුවත පතුරවන බව මේ වන විටත් තහවුරු වි ඇත.

සජබය ඇතුළු විපක්ෂයේ ඇතැමුන් පවසන්නේ,  එය පැහැදිලිවම බේදභින්න වී සිටින ආණ්ඩුවේ කොටස් එකතු කිරීම සඳහා බැසිල් රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර සිදුකෙරෙන කුමන්ත්‍රණයක් බවයි.

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරී සුසිල් ප්‍රේමජයන්ත වැනි මන්ත්‍රීවරුන්ට පවා මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බවත්, එවැනි ඡන්දයකින් ආණ්ඩුවේ තුනෙන් දෙකකට වැඩි බලය තහවුරුවී ආණ්ඩුව ශක්තිමත් බවට වූ මතයක් සමාජගත විය හැකි බවත් සජබ සහ ජවිපෙ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කර තිබේ.


බොරු කටකතාවක් !

මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී හිටපු අගමැතිවරයාගේ සන්නිවේදන ඒකකයේ ප්‍රධානියකු පැවසුයේ, රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා විසින් කතානායකවරයාට හා සභානයකවරයට ජනවාරි 03දා යොමුකර ඇති ලිපියක් වරදවා වටහා ගැනීමෙන් මෙවැනි කටකතාවක් පතුරුවනවා විය හැකි බවයි.

ලබන 18 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමෙන් අනතුරුව ඒ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් ලබා දෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ සභානායක දිනේශ් ගුණවර්ධන වෙත ලිපි දෙකක් යොමුකොට ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ එම කල්තැබීමේ විවාදය ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා සුදුසු දිනයක් ලෙස ජනවාරි 19, 20, හෝ 21 යන දිනයන් නම් කරන ලෙසත් හිටපු අගමැතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇතිබවත්, එහිදී කිසිඳු විටෙක ඡන්දයක් ඉල්ලීමේ අදහසක් නොමැති බවත්  ඔහු අවධාරණය කර සිටියේය.

හිටිහැටියේ මෛත්‍රි කට ඇරියේ ඇයි…?

මේ අවුරුද්දේ ආරම්භයත් එක්ක ආණ්ඩුවට විරුද්ධව ඉස්සෙල්ලාම කඩුව අත ගත්තේ සුසිල් ප්‍රේමජයන්තය.

ඒත් සුසිල්ට ජනාධිපති දුන්න කඩු පාරෙන් සුසිල්ගේ සියලු තාන්න මාන්න කඩුගස්ථාන ගැලවෙලා ගියා. හැබැයි ඉතින් සුසිල් වැඩේ අකුළගත්ත බවක් නං පේන්නේ නෑ. සුසිල් ළගත් අවි ගබඩාවක් තියනවා වගේ තමයි කතාවෙන් නං තේරෙන්නේ.

කොහොම උනත් මෙතනදී එකක් නං තේරෙනවා. සර් සුසිල්ට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා.

සුසිල්ට ගහන එකෙන් ජනාධිපතිතුමා වැඩ දෙකක් කරගන්න හිතන්න ඇති. සුසිල්ටත් punishment එක දෙන ගමන් ආණ්ඩුව ඇතුළ බය කර ගැනීමත් ඔළුවේ තියෙන්න ඇති.

ඒකෙන් ප්‍රතිඵලත් නැත්තේම නෑ. දිනේෂ් පට්ට බයවෙලා කියලා ඊයේ දෙවෙනි වතාවටත් දැක්කා. මාධ්‍යවේදින් තමන්ගෙන් අහන ප්‍රශ්න විමල්ගේ ඇගේ ගහලා දිනේෂ් පැනලා ගියා. පව් බොරළුගොඩ සිංහ පැටියා. සිංහ පාට් පූස් ලෙවෙල් එකටත් පහලට වැටිලා.

හැබැයි දිනේෂ් කරපු ඒ වැඩෙන් විමලුත් බය වෙලා බව ඔප්පු උනා. ප්‍රශ්නවලට උත්තර දෙන්න ඉස්සෙල්ලා විමල් දිනේෂ්ගෙන් අහනවා මේවා කියලා අවුලක් වෙයිද දන්නේ නෑ නේද කියලා. දිනේෂ් නෑ නෑ කියලා පැනලා යනවා. විමලුත් දෙපැත්තටම නැති පතෝල උත්තරයක් දීලා ගෙදර ගියා.

එහෙම යටත් වෙච්චි කණ්ඩායමක් ඇතුළේ ඉන්නවා විතරයක් නෙවෙයි ඒක එළියටත් පේනවා. ඒ සෙට් එක ඇතුළේ අළුත් කඩ්බෝඩ් වීරයෝ ටිකකුත් හැදිලා ඉන්නවා දැක්කා. අර තිස්ස කුට්ට් වගේ.

ඇත්තටම සුසිල්ට ගහපු පාරෙන් ගෝඨාභය තවත් එකක් කළා. මෙලෝ Meediya publicity යක් නැති පොහොට්ටුවේ වාටියේ ඉන්න ජොකර්ලට ටිකකට Meediya Coverage අරන් දුන්නා.

හැබැයි මෙතනදී උන වැදගත්ම දේ තමයි සුසිල්ට ගහපු එකට සුසිල්ටත් වැඩිය රිදුන කෙනෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපති මෛත්‍රී. මෛත්‍රී සැනින් එසනින් කඩුව අතට අරන් හතර අතේ වනන්න පටන් අරන්. මෛත්‍රී ඒ කඩුව ගත්ත විදිහට එකක් පැහැදිලි. මෛත්‍රී කල් යල් බලබල හිටලා තියෙන්නේ කඩුව ගන්න අවස්ථාවක් එනකං.

මෙතනදී මෛත්‍රීගේ කඩු පහර එල්ල උනේ රාජපක්ෂලාට විතරක් නෙවෙයි. ඒක හතර වටේටම වැදුණා. රාජපක්ෂලාට, රනිල්ට, සජිත්ට, ජවිපෙට ඔක්කොටම මෛත්‍රී ගැහුවා. ඒක තේරුම් ගන්න මෛත්‍රීගේ කතාව සියුම්ව විශ්ලේෂණය කර ගන්න ඕනි.

මෛත්‍රීගේ ප්‍රධාන ප්‍රහාරය එල්ල උනේ රාජපක්ෂලාට තමයි. ඒක ඇගවෙන ප්‍රධාන කෑල්ල තමයි සුසිල් එලවපු පලියට ආණ්ඩුවේ පිපිරීම නතර වෙන්නේ නෑ කියපු කතාව.

ඊළඟට රාජපක්ෂලා ලන්සාට බය බවත් මෛත්‍රී කිව්වා.

ඇත්තටම මේ ප්‍රකාශ දෙකම අතිශයින්ම ගැඹුරු ප්‍රකාශ දෙකක්.

පළවෙනි එකෙන් පේන්නේ මෛත්‍රී ආණ්ඩුව පිපිරෙන බව දන්නවා. නැත්තං ඒ කතාවේ හැටියට ආණ්ඩුව පුපුරවන්නේ මෛත්‍රී වෙන්න ඕනි. ඊළඟට පොහොට්ටුව ඇතුළේ රාජපක්ෂලා ජේෂ්ඨයන්ට සලකන්නේ නැති බවත් රාජපක්ෂලාට සලකන්නේ ලන්සලා වගේ දේශපාලන අනාථයන්ට බව මෛත්‍රී පෙන්නුවා.

මෛත්‍රී කරපු ඒ සන්සන්දනය ගැන නොසලකා ඉන්න පොහොට්ටුව ඇතුළේ ඉන්න ජේෂ්ඨයන්ට ලේසියෙන් බෑ. ඊළඟට මෛත්‍රී ඒ අභියෝග ඔක්කොම කරන්නේ මහ පාරේ ඉදන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සමුළුවලදී.

ඒකෙන් මෛත්‍රී කියන්නේ මෛත්‍රී කැමති ගනුදෙනුව පාරේ ඉදන් විසදගන්න. ඊළගට දැන් මෛත්‍රී 69 ලක්ෂ ඡන්ද කුට්ටියේ තමන්ගේ අයිතිය ගැන කතා කරනවා.

ඒ කියන්නේ බැසිල් සල්ලි බෙදාගෙන ලෑස්ති වෙන පලාත් සභා ජන්දයට ශ්‍රීලනිපය අලුත් පෙරමුණකින් එනවා කියන සිග්නල් එකත් මේක ඇතුලේ තියනවා.

ඇත්තටම රටේ රාළට නං මෙතනදී මෛත්‍රීගේ කතාවේ වැදගත්ම කොටස ඒක නෙවෙයි. රටේ රාළ කරන යෝජනාවක් ගැන ඊයේ මෛත්‍රී කතා කළා. ඒ තමයි වහාම 20 අහෝසි කරලා 19 නැවත සංස්ථාපිත කරන්න ඕනි කියන යෝජනාව.

ඕක මීට මාස ගානකට උඩදී ඉදින් රටේ රාළ කරන යෝජනාවක්. කොහොම උනත් ඒ යෝජනා බාරගැනීම ගැන රටේ රාළ මෛත්‍රීට ස්තුති වන්ත වෙනවා. හැබැයි ඒ ස්තුතියි කරන්නේ මෛත්‍රීටත් බරපතල චෝදනාවක් එල්ල කරන ගමන්.

ඇත්තටම මෛත්‍රී තමයි 19 වෙනි සංශෝධනය ගෙනත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න මුල් උනේ. ඒ වගේම ඒකට රනිල් වගේම කරූගෙනුත් ලොකු පිටුවහලක් හම්බ උනා. අද රටේ රාළ දන්න විදිහට කරූ 19 ය වෙනුවෙන් සෘජුවම පෙනී ඉන්නවා. සමහරවිට ජවිපෙනුත් සහයෝගය හම්බ වෙන්න ඇති.

19 ය කියන්නේ ඉතාමත් වැදගත් ව්‍යවස්ථාව සංශෝධනයක් වගේම ඒක ඇතුළේ තවත් නිවැරදි විය යුතු බොහෝ තැන් තිබුණා. ඒක නිවැරදි කරමින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන තැන දක්වා මේ රට අරන් යන මූලික වගකීම එදා තිබුණේ ජනාධිපති විදිහට මෛත්‍රීට. හැබැයි මෛත්‍රීට ඒ ගමන යන්න බැරි උනා. ඒකට සාධාරණ හේතු මෛත්‍රීට ඇති. හැබැයි අවසාන විග්‍රහයෙදී 19 අහෝසි කරන්න මෛත්‍රීගේ ශ්‍රීලනිපයත් දායක උනා. ඒක ඉතිහාසයේ මහා සරදමක්. ආයෙත් මෛත්‍රීත් රාජපක්ෂලාගේ පවුල් ගහ මේ පොළොවේ හිටවන්න දායක උනා. අද ඒකෙන් මේ රටටවත් මෛත්‍රීටවත් යහපතක් වෙලා නෑ.

ඒකෙන් රටේ රාළ කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී සජිත්ට සහය දෙන්න ඕනි කියන එක නෙවෙයි. මෛත්‍රී ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් නෙවෙයි. ඒත් තමන්ගේ තිබුණ අරමුණට යන්න, මෛත්‍රී මේ රටේ ජනතාවට කීව්ව විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන දිශාවට සටන හරවන්න මෛත්‍රීට බැරි උනා. මෛත්‍රී ඒක කළේ නෑ.

ඒක කළා නම් බොහෝ දුරට විපක්ෂයේ අපේක්ෂකයා සජිත් නොවී කරූ වගේ චරිතයක් වෙන්න තිබුනා. එහෙම උනා නම් ජවිපෙ සහයත් එතනට ගන්න තිබුනා. නමුත් මෛත්‍රී ඒක කළේ නෑ. මෛත්‍රී එතනදී තේරුවේ පහසු උත්තරය මිස අවශ්‍ය උත්තරය නෙවෙයි.

ඊළඟට ඒ වරද නිවැරදි කරන්න මෛත්‍රීට දෙවෙනි අවස්ථාවකුත් ආවා. ඒ තමයි මෛත්‍රී ගෙනාපු ප්‍රජාතන්ත්‍රවාදය නැවත උදුරා ගන්න රාජපක්ෂලා 20 වෙනි සංශෝධනය ගෙනාපු අවස්ථාව. ඒ අවස්ථාවේ මෛත්‍රී ක්‍රියා කළේ පක්ෂ නායකයෙක් විදිහට නෙවෙයි. තනි මන්ත්‍රී කෙනෙක් විදිහට. මෛත්‍රී විසිවෙනි සංශෝධනය සම්මත කරන්න අත ඉස්සුවේ නෑ. ඒක තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කරන්න බෑ කියලා මෛත්‍රී ජනාධිපතිට ලිඛිතවත් දැනුම් දීලා තිබුණා.

නමුත් මෛත්‍රීගේ හෘද සාක්ෂියට එකඟ නැතිදේ කරන්න මෛත්‍රී තමන්ගේ පක්ෂයට ඉඩ දුන්නා. එදා අද අනතුර දකින්න මෛත්‍රීට බැරි උනා. එහෙමත් නැත්නම් ඒ බව තේරුණත් මෛත්‍රී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බය උනා. ඒක නිසා විසිවෙනි සංශෝධනයට ඡන්ද දුන්නේ නෑ කියලා මෛත්‍රීට සතුටු වෙන්න බෑ. 20 බලාත්මක වෙන්න ඕනි තුනෙන් දෙක හම්බ උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 14 න්. ඒ වෙලාවේ ශ්‍රීලනිප නායකයා මෛත්‍රී.

එදා 20 ට එරෙහිව ඡන්ද නොදුන්නත් 20 ඉස්සරහා ඡන්ද දීමෙන් වැලකී හිටියා නම් අද ශ්‍රීලනිපය තියෙන්නේ මීට වඩා ගොඩක් වෙනස් තැනක. එහෙම නම් අද විස්සකුත් නෑ. සුසිල්ගේ බෙල්ල කපන්න ආයුදයක් ගෝඨාභය අතේ නෑ. ඒ ආයුදය ගෝඨාභය අතට දීලා සුසිල්ගේ බෙල්ල කැපීමට විරුද්ධ වීම ඇත්තටම විහිළුක්. එදා සුසිලුත් කිසිම හිරිකිතයකින් තොරව 20 වෙනුවෙන් පෙනී හිටියා. ලැජ්ජ නැතිව 20ට අත ඉස්සුවා.

මෛත්‍රී කියන්නේ රටේ රාළගේ පෞද්ගලික මිත්‍රයෙක්. ඒ වගේම රටේ රාළ මෛත්‍රීට කරන මේ විවේචනය මෛත්‍රී කොහෙමද ගනීද කියලා රටේ රාළ දන්නේ නෑ. හැබයි සුසිල් ජනාධිපතිට දෙල්කද පොලේ ඉදන් කරපු විවේචනය ගත්ත විදිහට නං මෛත්‍රී මේක ගන්නේ නැති බව රටේ රාළ දන්නවා. ඒක මෛත්‍රී ජනාධිපති වෙලා හිටියත් කරන්නේ නෑ.

දැන් මෛත්‍රීට නැවත වටයකින් අවස්ථාවක් ඇවිත් තියනවා. ඒ තමයි මෛත්‍රී අතින් උන ඓතිහාසික වරද නිවැරදි කරන්න. ඒක මෛත්‍රීට තනියෙම නිවැරදි කරන්න බෑ. ඒත් ඒක නිවැරදි කිරීමේ සාමුහික ප්‍රයත්නය දරන්න මෛත්‍රී අයිතියකටත් වඩා යුතුකමක් තියනවා. මෛත්‍රී ඒ උත්සාහ ගන්නවා නම් මෛත්‍රීටත් අවසන් අවස්ථාව ලැබිලා තියනවා ඉතිහාසය ඉදිරියේ වරද නිවැරදි කළ නායකයෙක් බවට පත්වෙන්න.

එතනදී රටේ රාළ කියන්නේ මෛත්‍රී 2024 පොදු අපේක්ෂකයා වෙන්න කියලා නෙවෙයි. 2024 මේ රටට අවශ්‍ය පොදු වැඩපිළිවෙළ සැදීමට මූලිකත්වය ගන්න කියලා.

ඒක කරන්න මෛත්‍රීට තවත් ලොකු හයියක් අතේ තියනවා. ඒ තමයි දූෂණ විරෝධි සටන් පාඨයත් මෛත්‍රී අතේ තියනවා. ජාතික සමගියේ සටන් පාඨයත් මෛත්‍රී ගන්න පුළුවන්. ආර්ථික සම්බන්ධව මෛත්‍රීට ඉතිහාසයේ උදාහරණයක් තියනවා.ඒ කේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගේන්න පුළුවන්. ඒ තමයි ස්වාධීන ස්ව ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දරපු උත්සාහයය.

ඊයේ මෛත්‍රීගේ කතාවෙන් මෛත්‍රී පෙන්නුවේ දූෂණ විරෝධි සටන් පාඨය ජවිපෙට විතරක් අයිති සටන් පාඨයක් නෙවෙයි මෛත්‍රීටත් ඒකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කියලයි.

මෛත්‍රීට සැරට කතා කරන්න පුළුවන් බව රටේ රාළ දන්නවා. සැරෙන් කතා කළා කියලා මේ රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. ඒ සැර කතාවට දේශපාලන අර්ථයක් දෙන්න මෛත්‍රී දැන ගන්න ඕනි.

ඒක නිසා මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපය ඉක්මන් පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වෙන්න ඕනි. නැත්නම් කවුරුත් මෛත්‍රීගේ සැර විතරක් බලන්න ශ්‍රීලනිපයේ ඉන්න එකතුත් නෑ ශ්‍රීලනිපයට එන්න එකකුක් නෑ.

සුසිල්ගෙන් පසු ආණ්ඩුවේ දොස් කීමට තවත් රාජ්‍ය ඇමැතියෙක් එයි

ආණ්ඩුව විවේචනය කිරීම නිසා රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පදවියෙන් පහකළ දාට පසු දිනම ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක නායකත්වය දරන තවත් රාජ්‍ය ඇමැතිවරයෙක් ආණ්ඩුව අභ්‍යන්තරය දෝෂ සහගත බව ප්‍රකාශ කර තිබේ.

”ආණ්ඩුව ඇතුලේ වැරදි සිදුවෙලා තියෙනවා. ඒක ඇත්ත. ඒ වැරදි ආණ්ඩුවම බාර ගන්න ඕනෑ,” යැයි [5] කොළඹ දී මාධ්‍යවේදීන් හමුවූ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු නිවාස හා සමාජ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *