කිංස්ලිව සිරසට එවුවේ කවුද..? ආවේ ඇයි.? කිවුවේ මොනවද? රිදුනේ කාටද..?

පසුගිය දිනෙක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා හදිසියේම සිරස රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වීමේ ප්‍රධාන අරමුණ ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වය හමුවේ සිත්රිදවිම් වලට ලක්වී සිටින පොහොට්ටුවේ ප්‍රබලයන් සමගින් සමීප සම්බන්ධතා පවත්වන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රහාරයක් එල්ල කිරිම බව අපට වාර්තා වේ.

වැඩසටහන ආරම්භයේ සිටම වර්තමාන ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංසන්දනය කරමින් එයා වගේ ළමයින් වඩාගන්නේ නෑ මාධ්‍යය ඉස්සරහ රගන්නේ නෑ යනුවෙන් විවිධ කරුණු උලුප්පා දක්වමින් කිංස්ලි මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ප්‍රහාරයක් එල්ල කල අතර රාජපක්ෂ සහෝදරයන් අතර ඇති බල අරගලයේ වර්තමාන තත්ත්වය මේ සිදුවීමෙන් ඉතා හොදින් ජනතාවට වටහාගත හැකිවිය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *