කොල්ලන්ව පිස්සු වට්ටන කෙල්ලොන්ගේ අංග ලක්ෂණ 10 මෙන්න..!

කාන්තාවන් ගැන පිරිමින් තුළ තියන කැමැත්ත එකිනෙකාට වෙනස් වෙනවා. සමහර පිරිමි කෙට්ටු ගැහැණු අයට කැමතියි. සමහරු මහත ගැහැණු අයට කැමතියි. තවත් සමහරු උස අයට, මිටි අයට කැමතියි. ඒ විතරක් නෙවෙයි සමහර අය ඉන්නවා එයාලට ශරීරයේ හැඩය ගැන කිසිම උනන්දුවක් නෑ. කාලයක ඉඳන් කරපු පරීක්ෂණවලින් පිරිමින්ගේ කැමති අකමැති දේවල් ගොඩක් හෙළිවෙලා තියනවා.

අද අපි ඔයාට කියන්නේ මේ විදියට පිරිමින් ආකර්ෂණය වෙන කාන්තාවන්ගෙ අමුතු ලක්ෂණ කිහිපයක් ගැනයි. ඒත් කාන්තාවකගේ ජීවිතය පිරිමින් ආකර්ෂණය වන එකක්ම වෙන්න ඕන නෑ. ඒත් ඇත්තටම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය නිසා ජීවිතයේ එක එක වෙනස්කම් වෙන්න පුලුවන්.

01. කතා කරන විලාසය

පිරිමින් වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ ඉතාමත් ස්ත්‍රීමය කටහඬක් තිබෙන කාන්තාවන්ටයි කියලා මුල් කාලෙදි විද්‍යාඥයන් සොයා ගත්තා. මේකට හොඳම උදාහරණය තමයි මර්ලින් මොන්‍රෝ, කිම් කාර්ඩිෂියන්ගේ වගේ කටහඬවල් ඔවුන්ට ආකර්ශනීය බවිනිතාම අඩුයි කියලා ඔවුන් කියනවා.

මේකට හේතුව ලෙස විද්‍යාඥයන් කිව්වෙ කාන්තාවන්ගේ ස්ත්‍රීමය කටහඬ මගින් තාරුණ්‍යය සංකේතවත් කරන බවයි. සාමාන්‍යයෙන් පිරිමි කටහඬකට සමාන කටහඬක් තියෙන්නෙ වැඩිහිටි කාන්තාවන්ටයි. ඒවගේම පිරිමින් තමන් කතා කරන රිද්මයට, ඒ වචන හා වාක්‍ය රටා වලට සමාන කතා විලාසයක් තියන කාන්තාවන් වෙත වැඩියෙන් ආකර්ෂණය වන බවත් පරීක්ෂණ වලින් සොයා ගැණුනා.

02. උස

සාමාන්‍යයෙන් පිරිමි කැමති තමන්ට වඩා අඟල් 6ක් හෝ 7ක් වැනි ප්‍රමාණයකින් උසින් අඩු කාන්තාවන්ට බව කියනවා. ඒත් හැම පිරිමියෙක්ම ගොඩක් උස යන්නෙ නෑ. එහෙම අය තමන්ගෙ උසට සමාන උසක් තියන කාන්තාවන් සොයන බවත් කියනවා.

03. වයස

ගැහැණු කෙනාට වඩා පිරිමි කෙනා වයසින් වැඩි යුගල තමයි සාමාන්‍යයෙන් නම් අපි දකින්නෙ. ඒත් මේක හැම විටම පොදු නෑ. තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් එක්ක ඉන්න පිරිමි අයත් ඕන තරම් ඉන්නවා.

විද්‍යාඥයන් කියන්නෙ වයස අවුරුදු 20-30 අතර පිරිමින් සාමාන්‍යයෙන් වයස අවුරුදු 24-26 අතර කාන්තාවන් තම ලිංගික සහකරුවන් ලෙස තෝරාගන්නා බවයි. මේකට හේතුවෙන්නෙ එම වයසේ ඉන්න කාන්තාවන්ට දරුවන් සෑදීමට තියන හැකියාව වැඩි වීම බවයි විද්‍යාඥයන් කියන්නෙ. ඒත් මෙහිදී කාන්තාව හෝ පිරිමි කෙනා දරුවන් සෑදීම ගැන හිතන්නෙවත් නැති වෙන්නත් පුලුවන්. මේක පරිණාමය නිසා ඇති වෙන දෙයක්.

ඒ වගේම වයස 30ට වැඩි පිරිමින් තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් තෝරා ගැනීමේ සම්භාවිතාවය වැඩි බව තමයි කියන්නේ. එහිදී පරිණාමික අවශ්‍යතා ඉක්මවා මානසික අවශ්‍යතා හා පෞද්ගලික අත්දැකීම් වගේ දේවල් මුල් තැනක් ගන්න බව කියනවා.

04. ඇසේ වර්ණය

ලංකාව වගේ රටක නම් මේක එච්චර ලොකු බලපෑමක් ඇති කරන්නෙ නෑ. ඒත් ඇස්වල වර්ණය එකිනෙකාගෙන් වෙනස් වෙන මිනිස්සු ඉන්න රටවල්වල නම් ඇස්වල වර්ණයත් ආකර්ෂණය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා.

මේ අනුව පිරිමින් තමන්ගේ ඇස්වල වර්ණයට සමාන වර්ණයක ඇස් තියන කාන්තාවන් තෝරගන්න බව පර්යේණයක් මගින් හෙළිවුණා.

05. මේකප්

2014 දී කරපු පරීක්ෂණයක් මගින් හෙළි වුණා පිරිමි අය වඩාත් කැමති අඩුවෙන් මේකප් ආලේප කරන කාන්තාවන්ට කියලා. ඒත් පුදුමය තමයි කාන්තාවනුත් අඩුවෙන් මේකප් කරන්න කැමති වුණත් එයාල හිතන්නෙ පිරිමි කැමති වැඩිපුර මේක් අප් කරන අයට කියලයි.

06. ඉණේ හා උකුලේ ප්‍රමාණය

දකුණු කැරොලිනාහි බෙෆොර්ට් විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍යවරයෙක් වන කේරි ෆිස්ගැරල්ඩ් හා ඔහුගේ කණ්ඩායම විසින් කරපු පරීක්ෂණයක් මගින් හෙළි වෙලා තියනවා, ඉණේ හා උකුලේ ප්‍රමාණ අතර අනුපාතය වඩා පැහැදිලිව තියන කන්තාවන්ට පිරිමින් වැඩිපුර ආකර්ෂණය වන බව.

වැඩියෙන්ම ආකර්ෂණීය ඉණ හා උකුල අතර අනුපාතය 0.7 ක් බව කියනවා. මේක ගණනය කිරීම හරිම පහසුයි, ඉණේ සහ උකුලේ වට ප්‍රමාණය මනින්න. දැන් ඉණේ අගය උකුලේ අගයෙන් බෙදූ විට ලැබෙන අනුපාතය ගැන තමයි මේ කියන්නෙ.

07. ඇසේ කළු ඉංගිරියාව වටා ඇති රේඛාව

මේක ටිකක් පුදුම සහගත එකක්. මේකෙන් කියන්නේ ඇසේ කළු ඉංගිරියාව වටා ඇති කළු පැහැති රේඛාව ගැනයි. මේ රේඛාව පළලින් වැඩි වෙන තරමට කන්තාවන්ට පිරිමින් ආකර්ෂණය වෙනවා කියලා හොයාගෙන තියනවා. තරුණ කාන්තාවන්ගේ මේ ‍රේඛාව පළලින් වැඩියි. ඒ විතරක් නෙවෙයි, මේ රේඛාවේ පළල වැඩි වයසින් වැඩි කාන්තාවන් වෙත පවා පිරිමින් වැඩිපුර ආකර්ෂණය වෙන බවත් පැවසෙනවා.

08. කොණ්ඩයේ වර්ණය

ලංකාවේ කාන්තාවන්ට නම් ලොකුවට මේක අදාල වෙන්නෙ නෑ. ඒත් අපේ කාන්තාවනුත් එක එක වර්ණ වලින් තමන්ගේ කොණඩය වර්ණ ගන්වන නිසා මේ ගැන අවධානය යොමු කරන්න පුලුවන්.#

විශේෂයෙන් හිසකෙස් රත්තරන් පාට සහ දුඹුරු පාටට තියන කාන්තාවන් වැඩිපුර පිරිමින්ට ආකර්ෂණය වෙනවලු. ඒත් රතු පාට හිසකෙස් තියන කාන්තාවන් ගැන ඇති වෙන ආකර්ෂණය තරමක් අඩු බව ප්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සොයා ගත්තා විද්‍යාඥයන් කියන්නෙ මේකට හේතු වෙන්නෙ කෙස්වල වර්ණයටත් වඩා සමේ වර්ණය බවයි. රතු හිසකෙස් තියන කාන්තාවන්ගේ සමේ වර්ණය අවම වශයෙන් ආකර්ෂණීය බව තමයි කියන්නේ.

09. කකුල් වල දිග

ලෙයොන් සෙල්ට්සර් නම් සායනික මනෝ වෛද්‍යවරයා කරපු පරීක්ෂණයක් මගින් හෙළි වුණේ දිගු දෙපා තියන කාන්තාවන්ට පිරිමින් වැඩියෙන් ආකර්ෂණය වෙනවා කියලයි. ඒත් උසින් අඩු කාන්තාවන්ට කැමති පිරිමි සම්බන්ධවත් මේක වෙනසක් වුණේ නෑ. ශරීරයේ ප්‍රමාණයට අදාලව පාද වල දිගු බව වැඩි වෙන තරමට කාන්තාවන්ගේ ආකර්ෂණීය බව වැඩි වෙනවා කියලා පිරිමින් හිතනවා.

10. නිතඹේ හා ඉණේ හැඩය

පරිණාමය සමඟ පිරිමින්ට ඇති වුණ අවශ්‍යතාවයක් තමයි මේ. කාන්තාවන්ගේ පිට සහ උකුල අතර අංශක 45 ක විතර කෝණයක් තිබීම පිරිමින්ට ඉතා ආකර්ෂණීය බව හොයාගෙන තියනවා. මේ සඳහා කාන්තාවට ඉතා පුළුල් නිතඹක් තියෙන්න ඕන.

ඒත් ඔයා මේ දේවල් කියවලා කලබල වෙන්න ඕන නෑ. ගොඩක් වෙලාවට ආකර්ෂණය හා සැබෑ ආදරය අතර ලොකු වෙනසක් තියෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *