මාව ජෝක්ස් එකක්ද? අලුත් ඇදුමින් සැරසුනු ප්‍රබලයා නෙළුම් මාවතේ යකා නටයි..!

අද දින නව පත්විමක දිවුරුම් දිමට නියමිතව සිටි නෙළුම් මාවත තම නිවස කරගත් පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයෙකු තමන්ට සුභ පතමින් එන දුරකතන ඇමතුම් වලට අම්මා මුත්තා නැතිවන්නට ජාතිය ඇමතු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

අද දින සුභ මොහොතින් රටේම කතාබහට ලක්වු රාජ්‍ය ආයතනයක නව තනතුරක දිවුරුම් දෙන්නට ජැන්ඩියට ඇද පැලද උදෑසනින්ම නෙළුම් මාවතට පිටත්වු මොහුට එම තනතුර ස්ථිර වශයෙන්ම හිමිවන බව බැසිල් රාජපක්ෂ මහතාට සමීප ප්‍රබලයෙක් තහවුරු කරන ලද අතර එම තත්වය හිටිහැටියේ වෙනස් වුයේ ජනාධිපතිවරයා ලිට්‍රෝ මුලස්ථානයේ සිදුකරන ලද හදිසි සංචාරයක් සමගිනි.

ජනාධිපතිවරයා ලිට්‍රෝ සමාගමේ සංචාරයට පෙර තමන්ට අදාල තනතුර හිමිවන බවට වු පුවත විදුලි වේගයෙන් සමාජ මාධ්‍ය තුල පැතිරයාම නිසාවෙන් සිවුදෙසින් ගලාඑන සුභ පැතුම් වලින් පොහොට්ටු ප්‍රබලයාගේ දුරකථනය අධික ලෙස කාර්යබහුල විය.

කෙසේවෙතත් අවසන ඔහුට එම තනතුර හිමිනොවු අතර පෙර සිටි තැනැත්තාටම එය යලි ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කල නමුදු පොහොට්ටු ප්‍රබලයාට ලැබෙන දුරකථන ඇමතුම් වල කිසිදු අඩුවක් නොවිය.

දැඩි ලෙස සිත් අමනාපයට ලක්ව තිබු මොහොතක එහා කෙලවරින් Congratulations සීයේ යනුවෙන් පැමිණි ඇමතුමක් සමගින් පොහොට්ටු ප්‍රබලයාගේ ඉවසුම් සීමාවන් ඉක්මවා ගිය අතර මහ හඩින් අදාල ඇමතුමට අමතන හඩ නෙළුම් මාවතේ කාමර කිහිපයකටම ඇසෙන්නට විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *