පල්ලි බෝම්බයේ පරීක්ෂණ නාඩගමක්..! කාදිනල්තුමාගෙන් පොලිසියට රතු එලි.!

පෙරේදා කොළඹ දේවස්ථානයක සිදුවු සිදුවීමේ සැකකරුවන් ලෙස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලියේ සේවය කරන අහිංසකයන් බව කාදිනල්තුමා අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේය.

උදෑසන 09ට පමණ සිලි සිලි බෑගයක් රැගෙන නොන්ඩි ගසමින් පල්ලියට පැමිණි කළුපාට කලිසමකින් බුෂ් ෂට් එකක් ඇද පැමිණි කෙනා අන්‍ය ආගමිකයෙක් බවට සැක කරන පුද්ගලයා අදාල සිද්ධියට පාදක වු ස්ථානයේ නැවි කලිසමින් යමක් ගෙන එම ස්ථානයේ තබන බව උදෑසන 9.52ට පැහැදිලිවම cctv දර්ශන ඔස්සේ පැහැදිලිවම පෙන්වන්නට හැකිබව කාදිනල්තුමා අද වීඩියෝවක් මාධ්‍යයට මුදාහරිමින් සදහන් කළේය.

නොන්ඩි ගගහ ආපු කෙනා එලියට යද්දි හොදට ඇවිදගෙන යනවා. මොනවහරි ගෙනත් තියලා එලියට නිදහසේ යන ආකාරය පැහැදිලිවම පෙනෙන්දි සවස සීසිටීවි දර්ශනම බලන්න කියලා පොලිසිය කියන්නේ මේ සිදුවීම යටගහන්නද යන්න පිළිබදව සැක මතුවන බව කාදිනල්ත්මා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *