කාදිනල්ගේ කතාවෙන් යුරෝපය කැළඹෙයි..! තම පුරවැසියන්ට ඇමරිකාවෙන් රතු එලි..!

ජීවිත සිය ගණනක් ජාතියට අහිමිකළ අප්‍රේල් 21 ප්‍රහාරය යනු රටේ සුරක්ෂිත භාවය නෑ කියලා ජනතාව තුල බියක් මතුකරලා එකම අපේක්ෂාව තමන් බවට පෙන්නලා ජනතාව රවටලා ඡන්දය දිනා ගැනීමට ගහපු පහත් පෙලේ කුජීත උප්පරවැට්ටියක් බව තමන් වහන්සේට මේ වන විට ඉතා හොදින් පැහැදිලි බව කාදිනල් හිමි ඊයේ දින මාධ්‍ය හමුවකදි සදහන් කිරිමත් සමග යුරෝපා ප්‍රජාවේ දැඩි අවධානය එම ප්‍රකාශය කෙරෙහි යොමුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.


රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින මේ මොහොතේ අන්තර්ජාතික ප්‍රජාවෙන් උපකාර අවැසි අවස්ථාවක කාදිනල්තුමාගේ මෙම ප්‍රකාශය නිසාවෙන් යුරෝපා ප්‍රජාව ඇතුළු ජාත්‍යන්තරය තුලින් කිසිදු උපකාරයක් ලබාගැනිමට ලංකාවට නොහැකි වනු ඇති බව විද්වතුන්ගේ අදහස වී ඇත. ඒ අනුව ආණ්ඩුව දිනෙන් දින ආර්ථික වශයෙන් බිදවැටීම කිසිවෙකුට වලක්වාලිය නොහැකි කරුණක් බවට පත්වනු ඇත.

මේ අතර කාදිනල්තුමාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් මානව හිමිකම් පිළිබදව ඉතා දැඩිව කටයුතු කරන ඇමරිකාවේද දැඩි අවධානයක් යොමුවී ඇති පසුබිමක ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ඇමරිකානු පුරවැසිභායටද දැඩි ලෙස තර්ජනයට ලක්වනු ඇති බව මේ පිළිබදව අදහස් දක්වන දේශපාලන විචාරකයෝ අනාවැකි පළකරති.

කාදිනල්තුමාගේ ප්‍රකාශය මත පදනම්ව ඇමරිකාවේ පුරවැසිභාවය දරන ආණ්ඩුවේ ප්‍රබලයන්ට එරෙහිව එරට සමාජ ක්‍රියාකාරින් විසින් නීතිමාර්ගයෙන් කටයුතු කිරීමේ මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද සදහන්. වර්තමාන රජය බලයට පත්ව ගෙවී ගිය කෙටි කාල පරාසය තුල චෝදනා සහ දඩුවම් ලැබූ විශාල පිරිසක් නිදොස්කොට නිදහස්වීමේ ප්‍රවනතාවය වෙතද ඇමරිකානු සමාජ ක්‍රියාකාරියන්ගේ අවධානය යොමුව ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *