අවුරුදු 11 ගැහැණු ළමයෙකු සමග අමුතු Tiktok කළ කිරි සමන් රිමාන්ඩ්..!

ටික් ටොක් සමාජ මාධ්‍ය තුල කිරි සමන් යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින ඕෂක නිරාන් නැමැත්තා අවුරුදු 11ක ගැහැණු ළමයෙකුව අපයෝජනය කිරිමේ චෝදනාව මත බන්ධවනාගාර ගතකළ බව අපට වාර්තා වේ.

එක්සත් මානව හිමිකම් සංවිදානය නැමති මුහුණු පොතේ සමාජ මාධ්‍ය පිටුවක එම පුවත පළකර තිබුණේ මේ ආකාරයෙනි.

වයස අවු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් (TIK TOK කිරි සමන් ) (22) අද 2022/01/15 බන්ධනාගාරගත කර ඇති බව කියැවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද (21) මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත.
මෙම ළමයාගෙ මව හා පියා ගොළු පුද්ගලයන්‍ ය.

කිරි සමන් දෙසැම්බර් මස දිනෙක මධ්‍යම රාත්‍රියේ ගොළු දෙමව්පියන්ගේ මෙම 11 හැවිරිදි ගැහැණු ළමයාව නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් පහුවදා අළුයම නිවසට හැරලවා ඇති බවත් ,ඊට පසුවද දෙතුන් වතාවක් මෙම කුඩා දැරියව නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති බවත් ඒ අතර ජනවාරි 01දා නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති මෙම දැරියව 02දා සවස යළි නිවසට එවා ඇති බවත් ඒ කාළය තුළදී ඔහුගේ මිතුරු මොහාන් (21) ලවාද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම ළමයාට මත්ද්‍රව්‍ය පොවා අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම සිදුවීමට තවත් (19 හා 23 හැවිරිදී ) තරුණියන් දෙදෙනෙක්ද සම්බන්ධ බව කියැවේ. මේ අයව අද (2022/01/15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2022.01.19 දින තෙක් බන්ධනාගාරගත කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.