ටික්ටොක් කිරි සමන් පෙන්වමින් ආණ්ඩුව සමාජ මාධ්‍යයට කරන්න යන දේ මෙන්න..!

ටික් ටොක් සමාජ මාධ්‍ය තුල කිරි සමන් යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින ඕෂක නිරාන් නැමැත්තා අවුරුදු 11ක ගැහැණු ළමයෙකුව අපයෝජනය කිරිමේ චෝදනාව මත බන්ධවනාගාර ගතකළ මේ වනවිට රටම දන්නා කරුණක්.

වයස අවු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් (TIK TOK කිරි සමන් ) (22) අද 2022/01/15 බන්ධනාගාරගත කර ඇති බව කියැවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද (21) මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත.


මෙම ළමයාගෙ මව හා පියා ගොළු පුද්ගලයන් වන අතර කිරි සමන් දෙසැම්බර් මස දිනෙක මධ්‍යම රාත්‍රියේ ගොළු දෙමව්පියන්ගේ මෙම 11 හැවිරිදි ගැහැණු ළමයාව නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් පහුවදා අළුයම නිවසට හැරලවා ඇති බවත් ,ඊට පසුවද දෙතුන් වතාවක් මෙම කුඩා දැරියව නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති බවත් ඒ අතර ජනවාරි 01දා නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති මෙම දැරියව 02දා සවස යළි නිවසට එවා ඇති බවත් ඒ කාළය තුළදී ඔහුගේ මිතුරු මොහාන් (21) ලවාද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම ළමයාට මත්ද්‍රව්‍ය පොවා අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම සිදුවීමට තවත් (19 හා 23 හැවිරිදී ) තරුණියන් දෙදෙනෙක්ද සම්බන්ධ බව කියැවේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම දඩමීමා කරගෙන බලයට පැමිනි දින සිට සමාජ මාධ්‍ය පාලනයට උපක්‍රම සොයන වර්තමාන ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ රජය සමාජ මාධ්‍ය නියාමණය කිරිමේ මුවාවෙන් අසාර්ථකත්වය සහ බොරු කයිවාරුව නිසාවෙන් දිනෙන් දින ජනතාව අතර අප්‍රසාදයට පත්වන තමන්ට සහ තම රජයට එරෙහි විරුද්ධ මතවාදයන් පාලනය කිරිම සදහා නව නීති හදුන්වාදීමේ අවධානමක් මතුව ඇති බව මේ පිළිබදව අදහස් දක්වමින් IMP Media Solutions අධිපති මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පැවසීය.

ශ්‍රි ලංකාවේ ලක්ෂ ගණනක් පරිශිලණය කරන සමාජ මාධ්‍ය තුල සිටින කිරි සමන් වැනි සුළුතරයකගේ නින්දිත ක්‍රියාකලාපයන් නිසාවෙන් රටේ සමස්ත ජනතාවගේම අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට සහ තොරතුරු දැනගැනිමේ අයිතියට මෙන්ම මාධ්‍ය නිදහසට තර්ජන එල්ලවීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් බවත් සියලුදෙනා එක්ව අනතුර මැනවින් වටහාගෙන මෙම අභියෝග ජයගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග සාමුහිකත්ව ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *