චන්ද්‍රිකා වැඩ අල්ලයි.! මෛත්‍රිට ශ්‍රිලනිපය අහිමීවන ලකුණු..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවා.

ඇය මේ බව සඳහන් කළේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු නොවන්නැයි තමන් කළ ඉල්ලීම නොසලකා කටයුතු කළ හෙයින් එසේ කළයුතු බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළා.

තම පාලන සමයේදී ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කළත් වර්තමාන පාලනය විසින් එම තත්ත්වය විනාශ කර දමා ඇති බවට හිටපු ජනාධිපතිනිය චෝදනා කරනවා.

යහපාලන රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව විසින් සිදුකරන ලද කාර්යයන් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසම වෙත හිටපු ජනාධිපතිවරිය ඊයේ(19) කැඳවා තිබුණා.

කෙසේවෙතත් ඇය කොමිෂන් සභා කාර්යාලය වෙත නොගිය අතර, විමර්ශන නිලධාරීන් ඇයගෙන් ප්‍රකාශ ලබාගනු ලැබුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේදියි.

එහිදී හිටපු ජනාධිපතිවරියගෙන් පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිනිය මෙසේද සඳහන් කළා,

“බොහොම කනගාටුයි. මම දන්නේ නෑ අඬන්නද? හිනා වෙන්නද? කියලා. මම රටේ ආර්ථිකය විශාල වශයෙන් හැදුවා…යුද්ධය භයානක ලෙස පැවති අවස්ථාවක. එක්කෙනෙක් දන්නේ නැහැ.. අනිත් කෙනා කියන දේ. උදේ කියන එක හවස වෙනස් වෙනවා. මහා අවුලක්. මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි පක්ෂය විනාශ කරලා ඉවරයි. මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා.. පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න එපා කියලා. අපි විනාශ වෙනවා කියලා. එහෙම කිව්වා කියලා මාව දේශපාලන මණ්ඩලයෙන් අයින් කරලා.. මගේ සංවිධායක ධුරයත් අයින් කළා. අපි අවුරුදු ගාණක් තිස්සේ කියපුවා දැන් එයා කියනවා. ඉතින්, මේ මිනිහා පන්නන්න එපැයි.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *