බොරැල්ල දේවස්ථාන සිදුවීමේ සැබෑ මහ මොලකරු කවුද..? ඇත්ත මෙන්න..!

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි අත් බෝම්බයක් සොයාගැනිම පිළිබදව මේ වනවිටම රටපුරාම පුවත් මවන පුවතක් බවට පත්ව ඇත.

පොලිසිය පැමිණ නිශ්චිත වේලාවක සිසිටීවී දර්ශණ පරික්ෂා කර පුද්ගලයන් 04ක් අත්අඩංගුවට ගත් අතර ඒ් අතර දීර්ඝ කාලයක් පල්ලියේ ආවතේව කටයුතු කළ පුද්ගලයෙකුද උනා. එහිදි එම ආවතේව සිදුකළ තැනැත්තා බෝම්බය රැගෙන ආ බවට වරද පිළිගත් බව සදහන් කරමින් පාපොච්චාරණයක් පවා ‌ඉදිරිපත් කිරිමට පොලිසිය උත්සුක උනු නමුත් කාදිනල්තුමන්ගේ දැඩි විරෝධය හමුවේ පොලිසිය නිසි ලෙස විමර්ෂණ නොකළ බව හෙලිවිමත් සමගින් උද්ගත වු තත්වය හමුවේ පොලිසිය නිරුත්තර විය.

පොලිසිය භාර ඇමතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගත් පුද්ගලයා මත පටවමින් ගිණි පෙට්ටි කතාවක් සමාජ ගතකරමින් පුවත් මැවු නමුදු එය අසාර්ථක උත්සහයක් විය.

අනතුරුව කාදිනල්තුමාගේ දැඩි විරෝධය නිසාවෙන් සීසිටීවි දර්ශන නැවතත් නරඹා පිටතින් පැමිණි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගත් අතර ඔහුද පාපොච්චාරණයක් සිදුකර ඇත්තේ ඔහු බෝම්බය රැගෙන ආ බවට සදහන් කරමිනි.

අනතුරුව දෙවන පාපොච්චාරණය මත පදනම්ව එම සිදුවිමට ආධාර අනුබල දුන් බවට සදහන් කරමින් හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පිළිබදවද පොලිසිය පාපොච්චාරණයක් ඉදිරිපත් කර ඇත. මේ අනුව පාපොච්චාරණ 02ක් එකම බොම්බය මත ඉදිරිපත් කිරිම නිසාවෙන් නිවරැදිවම බෝම්බය ගෙනාවේ කවරෙක්ද යන්න පිළිබදව මේ වනවිට සමාජය තුල දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

මේ සිදුවීම අප මතකයට රැගෙන එන්නේ සේයා සදෙවුමි ඝාතන නඩුව වන අතර නඩුවේදි කොණ්ඩයා නැමති සැකකරුවාව වරදකරු කරමින් ග්‍රැෆික් නිර්මාණය කරමින් මාධ්‍ය ඉදිරියේ නාඩගමක් නැටු අතර අවසානයේ ඩී.එන්.ඒ පරික්ෂණයෙන් වරදකරු වුයේ ඔහුගේ ‌සොහොයුරාය.

අසාත් සාලි වෙතද පොලිසිය සහ ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මෙවැනිම චෝදනා රාශියක් එල්ල කළ අතර අවසානයේ අධිකරණමය ක්‍රියාවලියකින් අනතුරුව අසාත් සාලි නිදොස් කොට නිදහස් විය.

අධිකරණය තීන්දුවක් ලබාදෙනතුරු අත්අඩංගුවේ සිටින පුද්ගලයා වැරදිකරු නොව සැකකරුවෙකු පමණක් බව පොලිසිය වටහාගත යුතු අතර ඔහු වරදකරු කළ හැක්කේ අධිකරණමය ක්‍රියාවලියකින් පමණක් බව සදහන් කළ යුතුමය.

මේ පිළිබදව අදහස් දැක්වු නීතිවේදි භාරත තෙන්නකොන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *