සැකකරු 1974 සිදුවීමකටලු 2022දී අත් බෝම්බයක් පල්ලියට තිබ්බේ..! පොලිසිය

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පුපුරායන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 75 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයා විසින් ඒ සඳහා සැලසුම් කළේ තමා බවට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පිළිගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු එම දේවස්ථානය සමග ද්වේෂයකින් පසුවූ බව දැනට සටහන් කරගත් ප්‍රකාශවලින් හෙළිවී ඇති වී ඇති බවත් එමෙන්ම මීට පෙර නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි කියන කරුණ පිළිබඳවත් ඔහු හෙළිකර තිබෙන බවත් පොලිසිය පවසනවා.

තමන් සියලු සාන්තුවරුන්ගේ දෙවස්ථානයේදී 1974 වසරේදී බෞද්ධ කාන්තාවක් සමග විවාහ වූ බවත් එහිදී තම බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ සිටි පූජකවරයා විසින් තමන්ට උදෑසන කාලයේදී විවාහ මංගල උත්සවයට අදාළ පූජාව ලබානොදීම නිසා තමන් සිත් තැවුලෙන් සිටි බවත් ඔහුගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇති බව පොලිසිය පවසනවා

ඒ හේතුවෙන් අදාළ වෛද්‍යවරයා විසින් සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයට ඔහුගේ සගයා ලවා බෝම්බය තැබූ බවට පාපොච්චාරණය කළ බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම, තම බිරිඳ දැඩිව රෝගීව සිටියදී කොම්පඤ්ඤවීදියේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට උත්සහ කළද ඇයව ඇතුළත් කරගැනීම එම රෝහල ප්‍රතික්ෂේප කළ බවත් අනතුරුව නාරාහේන්පිට බෝම්බය තැබූ පෞද්ගලික රෝහල මගින් අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගෙන ප්‍රතිකාර කළද ඇය එහිදී මියගොස් ඇති බව එහිදී අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසනවා

එම රෝහල මගින් තම බිරිඳට හොඳින් ප්‍රතිකාර කිරීම නිසා රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම වෙනුවෙන් සැකකරු බොරැල්ලේ දේවස්ථානයට බෝම්බය තැබූ තම සගයා ලවා එම රෝහලට ද බෝම්බය තැබූ බවත් ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයාට විටින්විට මුදල් ලබාදී ඇති බවත් විශ්‍රාමික වෛද්‍යවරයා පැවසූ බව පොලිසිය පවසනවා.

එමෙන්ම ඔහු තම අතෙහි ඇඟිල්ලක මුද්දක් දමාගෙන සිට ඇති අතර සිය බිරිඳට වූ අසීමිත ආදාරය හේතුවෙන් එම මුද්දට බිරිඳගේ මිනී අළු දමා එය සකස් කර ඇති බවත් ඔහු විසින් පොලීසිය හමුවේ පවසාැති බවයි වාර්තා වන්නේ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *