ටික් ටොක් පෙම්වතා නිසා 13 පුංචි කෙල්ලට වෙච්චි දේ..! (Video)

වයස අවුරුදු 13ක් වූ ගැහැණු ළමයෙක් TIK TOK මගින් හඳුනා ගත් 21 හැවිරිදි පෙම්වතා විසින් අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු ලැබී ඇත. පාසැල් සිසුවියක් වන මුල්ලේරියාවෙ පදිංචි මේ ළමයා පෙම්වතා හමුවීමට අවිස්සාවෙල්ලට ගොස් ඇත්තේ පාසැල් ඇඳුමෙනි . පාසැල් ගමන අවිස්සාවේල්ලට දික්වී පෙම්වතාගේ මව විසින් ඔහු වෙනුවෙන් ඇහැලියගොඩ පිහිටි ගොඩ නගනා නිවස දක්වා ගොස් තිබිණි .

තවත් දිනෙක සිය පෙම්වතාගේ අතෙහි යම් ආබාධයකට ප්‍රථිකාර ලබමින් අවිස්සාවේල්ලේ රොහල්ගත වී සිටියදී මෙම ගැහැණු ළමයා ඔහු බැලීමට ගොස් ඇති අතර එදින පාසැල නිමවී වෙනදා නිවසට යන වේලාවට යළි යා ගත නොහැකිවී ඇත. පාසැල් යන අයුරින් නිවසින් පිටවන මෙම ගැහැණු ළමයා අමතර පාට ඇඳුමක්ද ගෙන ගොස් රෝහලට යාමේදී පාට ඇඳුමින් ගොස් ඇත. පාසැල නිමවී සිය දියණිය නිවසට නොපැමිණීම නිසා ඇගේ මව ගුරුතුමියගෙන් විමසීමේදී මෙම ළමයා පාසැල් පැමිණ නැති බව දැන ගන්නා අම්මා වහාම මුල්ලේරියාව පොලීසියට පැමිණිළි කර ඇත.

පොලීසිය මගින් මෙම ළමයාව මුල්ලේරියාව රෝහලට යොමු කරවා ඇත.

නීතීඥවරු සමග පොලීසියට ඉදිරිපත් වී ඇති ඇහැලියගොඩ මාළු විකිණීමේ යෙදී සිටින මවගේ මෙම 21 හැවිරිදි TIK TOK පෙම්වතා වෙනුවෙන් අධිකරණයේදී නීතීඥවරුන් 4 දෙනෙක් පෙනී සිට ඇති අතර පැමිණිල්ල පාර්ශවයෙන් එක් නීතීඥවරයෙක් පෙනී සිට ඇත.

පෙම්වතා සෑම ඉරිදාවකම පොලීසියේ පෙනි සිටිය යුතුය.
පිට රට ගමන් තහනම්ය.

වයස අවුරුදු 13 අපයෝජනයට ලක්වූ අහිංසක බස් කොන්දොස්තර තාත්තාගෙ සහ ගෘහණියක් වන මවගේ මෙකී ගැහැණු ළමයා දැන් ගෙදරය.

???? දැන් ප්‍රශ්නයක් නැත ?????

දිනෙන් දින කුඩා ළමයින් ලිංගික අපයෝජනයට ලක්වෙන අවස්ථා බෙහෙවින් වැඩිවෙමින් පවතී . ළමයින්ව / දෙමව්පියන්ව දැනුවත් කිරීමේ යෙදිය යුතුව ඇත. සියළු සිවිල් සංවිධාන , සමාජ ක්‍රියාකාරින් රටේ අනාගතය බේරා ගැනීමට එකාවන්ව වෙහෙසවී කටයුතු කළ යුතුමය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තනි ගමන් නවතා වහාම ළමයින්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවිධාන හා ක්‍රියාකාරින් හා එක්වී ගමන් කළ යුතුය. මේ විනාශ වන්නේ අපේම දරුවන්ය. අපේම දරුවන්ගේ අන්නාගතයය. සියළු ළැමයින් පාසැල් වලදී , දහම් පාසැල් වලදී දැනුවත් කිරීමේ වැඩ සටහනක් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතුය. නැගිටිමු.

-හිමිකමට පෙර
යුතු කම-

එක්සත් මානව හිමිකම් සංවිධානය

පසුගිය සති කිහිපය තුල මෙවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වු අතර කිරි සමන්ගේ සිදුවීම ඉන් ප්‍රධාන සිදුවීමකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *