වැඩවර්ජන ව්‍යවස්ථාවෙන් තහනම් කළ යුතුයි – අලි සබ්‍රි

ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාව මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත් බවත් මෙවැනි වර්ජන නතර කිරීම සදහා ජනාධිපතිවරයාද මැදිහත් විය යුතු බව අමාත්‍යවරයා කියා සිටියා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *