කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑවෙන්  සොහොන්ගෙයක්..!

කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමට සුසාන භූමියක සොහොන්ගෙයක් තෝරාගැනීමේ පුවතක් කැස්බෑවෙන් අද වාර්තා වුණා. 

එහිදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට පුද්ගලයින් 85 දෙනෙකු ද පි.සි.ආර්. පරීක්ෂණ සඳහා පුද්ගලයින් 17 දෙනෙකුද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ඊට සහභාගිවූ බොහෝ දෙනෙකු කණගාටුව පළ කරමින් පැවසුවේ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙවැනි ස්ථානයක් තෝරා ගැනීම සුදුසු නොවන බවයි. 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැතිවීම හේතුවෙන් මෙවැනි ස්ථානයක් තෝරා ගැනීමට සිදුවූ බවයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දනී සෝමරත්න පවසා ඇත්තේ. 

මීට පෙර පරීක්ෂණ කටයුතු සිදු කළ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාල ක්‍රිඩාංගණය දරුවන්ට ක්‍රීඩා කිරීමට ලබාදීමට සිදුවූ බවද වෛද්‍යවරිය පැවසුවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *