පෙබරවාරි 04 රංජන්ට නිදහස..? කොන්දේසි හා නිර්ණායක එලියට..!

2022.02.04 වන දිනට යෙ‍දෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කර ඇත.

පහත සදහන් පරිදි සිරකරුවන් සඳහා මෙම පොදු සමාවක් ප්‍රධානය කර ඇත.

• බන්ධනාගාර ගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හා ඉන් කොටසකට දින 07ක් සමාව ලබා දීම.

• දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉදිරි දඬුවම් කාලය අහෝසි කිරීම.

• 2022.02.04 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් සදහා ඉදිරි කාලය අහෝසි කිරීම.

• වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකර, 2022.02.04 දිනට මහාධිකරණයෙන් දඬුවම් නියමකල දින සිට වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවම් කාලය අහෝසි කිරීම.

ඉහත කරුණු වලට අදාළව සුදුසුකම් ලබා ඇති සියලූම සිරකරුවන් හට අතිගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රධානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කර සිටී.

මෙම ක්‍රමවේදය අනුව රන්ජන් රාමනායක මහතා නිදහස් කර නොමැති බවයි වාර්තා වන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *