උතුරු කොරියා කළු ආයුධ කතාව නිසා බැසිල්ගේ පුරවැසිකමට වෙන්න යන දේ..!

කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇත.

2009ට පෙර පැවැති යුද සමයේ ද හමුදාවට ආයුධ අවශ්‍ය වූ අවස්ථාවේ ඒ ආකාරයෙන් ආයුධ සපයා ගත් බවද ඔහු සඳහන් එම පුවත්පත සමග ඉගි පල කර ඇති අතර ජාත්‍යන්තර ජන මාධ්‍ය ආයතන මගින් එම ප්‍රකාශය ප්‍රවෘත්තියක් ලෙස විකාශය කිරිමෙන් අනතුරුව එම ප්‍රකාශය පිළිබදව තමන් පුරවැසිබව ලබාඇති මව්රට වන ඇමරිකාවේ දැඩි අවධානය යොමුවී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදි ඒ පිළිබදව අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට එරට සිටින ශ්‍රි ලාංකිකයන් උත්සුක වෙමින් කටයුතු කරන බවද සදහන්.

කෙසේ වෙතත් විදේශ අමාත්‍ය පීරිස් මහතා මෙම ප්‍රකාශය යළි සංශෝධනය කරමින් සඳහන් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සමග තමන් මේ ගැන සාකච්ඡා කළ බවත් ඔවුහු එවැනි අදහසක් පළ කර නැති බවත්ය.

දිවයින පුවත්පත සමග බැසිල් රාජපක්‍ෂ මහතා පල කර ඇති අදහස් මෙසේය.

මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා. එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.

ප්‍රශ්නය : එහෙම කරන්න පුළුවන් නම් හොඳයි ?

පිලිතුර : ඇයි බැරි එහෙම කරන්න? ඒක තමයි මෙවැනි වෙලාවක එතකොට ඇන්. ඇම්. පෙරේරා කළෙත් ඒකමනේ. ඇන්. ඇම්. කළෙත් එයා මැණික් කාරයන්ට යැව්වම වෙනම දුන්න මොකක්ද ක්‍රමයක් සල්ලි වගයක්, ඩොලර් වගයක්.

ඕක මෙහෙමයි. මේක සෙන්ට්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි. හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර් කොයි ක්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක්‍රමයට හරි….

ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්…. මේකයි ශ්‍යාම් මේකේ… එක පැත්තකින් බැලූවොත් හරි. නමුත් මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕන.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *