සතොසේදි හු මැද ජාතිය අමතගත්ත බන්දුල කතරගමින්ම පළිගත්ත හැටි..!

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කතරගම සතොස වෙළද සංකීිර්ණයේ දී කාන්තාවක් විසින් බැන වැදිම සම්බන්දයෙන් කතරගම සතොසේ සේවය කල ආරක්ෂක නිළධාරියා ගේ වැඩ තහනමට ලක් කර ඇති බව දිවයින පුවත්පත අද (03) වාර්තා කර තිබේ.

ඉකුත් (30) වැනි දින අමාතයවරයා කතරගම සංචාරය කල අවස්ථාවේ දීි කතරගම සතොස වෙත පැමිණි අතර එහි දී භාණ්ඩ මිල දි ගැනීමට පැමිණි කාන්තාවක් විසින් අමාත්‍ය වරයාට දෙස් නගා පැවසුවේ මිනිස්සුන්ට ගන්න හාල් වත් නැහැ මාධ්‍ය වෙත පවසන කිසිවක් සතොස මගින් මිල දී ගැනීමට නොහැකි බව පවසා බැන වදින ලදී.

මෙම අවස්ථාවෙි දී අමාත්‍ය වරයාගේ ආරක්ෂක නිළධාරින් ද සිටි අතර මෙම සිදුවීම වුයේ සතොස ඉදිරිපිට බව සේවයෙන් ඉවත් කල කතරගම පදිංචිී ඒචි එම් කසුන් ආරක්ෂ නිළධාරියා පැවසිය.

මෙම සිදුවීමෙන් පසුව තමන්ගේ වසර ගණනාවක් පුරා සිදු කල සේවය ඉවත් කල බව සතොස පරිපාලන අංශයෙන් දැණුවත් කල බවත් අදාළ ලිපිය එවා ඇති බව කතරගම සතොස ආරක්ෂක ඒචි එම් කසුන් නිළධාරියා පැවසිය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *