Breaking: මහින්දට කොවිඩ්..!

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

මේ වන විට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 11 දෙනෙකු පමණ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර ඊයේ (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 1,156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 613,478 දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ වනවිට කොවිඩ් ආසාදිතව නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *