කොහුවල කුස්සියේ විලාපයත් සමග මල පැනපු ගෝඨාභය ඇමතුමක් ගත්තේ කාටද.? Exclusive

ඊයේ දින Black Cap Movement තරුණ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබු කුස්සියේ විලාපය නැමති සාම්ප්‍රදායික උද්ඝෝෂණ රටාවෙන් ඔබ්බට ගිය නව ආරක උද්ඝෝෂණයක් කොහුවල මංසන්ධියේදි විශාල ජන සහභාගීත්වයක් සහිතව අතිසාර්ථකව පැවැත්විනි.

සුවිශේෂි කරුණ වන්නේ ජනතාවට වඩාත් සංවේදි වන මුළුතැන්ගෙයි හට්ටි මුට්ටි වලට තලමින් ජනතාව මහපාරේ සිදුකරන මේ නව ආරේ උද්ඝෝෂණ මාලාව පිළිබදව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කණ වැකුණු විගස ඔහු එක්තරා පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ගෙන ඇත. කාබනික පොහොර කතාන්තරය පුරාවට ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කළ මොහු වර්තමානයේ ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම චරිතයක් බවට පත්ව ඇති අතර රාජයෝගයක් පිළිබද වු විශ්වාසයක් නිසාවෙන් තම දරු පවුල අතහැර වෙනත් කාන්තාවක් හා විවාහ වු අතීත කතාන්තරයක්ද මේ පුද්ගලයා වටා ගෙතී ඇත.

කවුද මේ කළු තොප්පි කාරයෝ කියන්නේ..? ගිය පාරත් කොහුවලින් නේද සේරම පටන් ගත්තේ? මේ පාර මොකාටද මුන් මොකාටද මේ එන්න හදන්නේ? යනාදි ප්‍රශ්ණ රාශියක් මේ පුද්ගලයාගෙන් නන්දසේන ගෝඨාභය ඉතා වේගයෙන් විමසා ඇති අතර ඔහු ඒ මොහොතේ තම හිතමිත්‍රයන් සමග සාදයකට සහභාගි වි සිටි බවද අපට වාර්තා වේ.

ඒ මොහොතේ හොද හැටි සුර්වි සිටි එම පුද්ගලයා ජනාධිපතිවරයාගෙන් පැමිණි ඇමතුම Loud Speaker දමා ඇත්තේ තමන් සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධතාව හිතමිතුරන්ට පෙන්විමට වුවත් අවසානයේ විමසු කරුණුත් සමගින් ඔහු දුර්මුඛ වි ඇති බවද සදහන්.

මං බලන්නම් සර් යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කර ඇති අදාල මන්ත්‍රිවරයා බුද්ධි අංශයෙන් අහන්න ඕනේ ඒවා මගෙන් අහන්නේ මුට පිස්සුද මංදා යනුවෙන් අවඥාවෙන් පවසා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *