නන්දෙව ගේන්න කැම්පේන් කරපු චරිත හේරත් ගෑස් ගැන කියන්නේ අමු බොරු..! ඇත්ත කතාව මෙන්න..!

ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිළදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විවිධ අංශයන්ගෙන් එල්ල වන චෝදනා සියල්ල සාවාද්‍ය චෝදනා බව ලිට්රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතාගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් මගින් ලිට්රෝ ලංකා සමාගම දන්වා ඇත.

ඒම නිවේදනය මගින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් පවසන්නේ ලංකාවේ පසුගිය කාලය තුළ පැවැති ගෑස් හිඟය මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇති බවත්, ඉදිරියේදී දේශීය අවශ්‍යතාවයට සරිලන අඛණ්ඩ සැපයුමක් සඳහා විනිවිදභාවයෙන් යුතුව සිය සමාගම කටයුතු කරමින් සිටින අතර, ඒම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බවයි.

Siam Gas ආයතනය හා පැවැත් ටෙන්ඩරය අවලංගු කරනු ලැබුවේ ගෑස් ආනයනය සම්බන්ධයෙන් 2022-2023 වර්ෂයට අදාලව නැව් ගාස්තු ජාත්‍යන්තර ටෙන්ඩරයේ අඩු ලංසුකරු වන Siam Gas ආයතනයට ඩොලර් මිලියන 37ක පොරොත්තු ණයකර ලිපිය ලබා දීමට රාජ්‍ය භාණ්ඩාගාරය, දේශීය ජාත්‍යන්තර මූල්‍ය ආයතනය අපොහොසත් වීම හා Siam Gas සමාගම විසින් පොරොත්තු ණයකර ලිපිය නොමැතිව ගෑස් සැපයීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කැබිනට් මන්ඩලයේ තීරණයක් මත බව අදාල මාධ්‍ය නිවේදනය මගින් දන්වා ඇත.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක නැව් ගාස්තු සඳහා Oman Trading ආයතනය තොරාගනු ලැබුවේ කෙටි කාලීන මිළදී ගැනීම් සඳහා මිළ ගණන් කැඳවීමේදී අඩු මිළ ගණන් කැඳවීමේදී අඩුමිළ සඳහන් කළ Siam Gas සමාගම විසින් වර්තමාන වෙළඳපොළ අවශ්‍යතාවය අනුව ගෑස් සැපයීමට නොහැකි බව අදාල Siam Gas සමාගම විසින් දැනුම් දීම හේතුවෙන් බව ලිට්රෝ ලංකා ගෑස් සමාගම වැඩිදුරටත් කරුණු පැහැදිළි කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *