මරු සරල ජනපති..! එදා පෙට්ටියට දාලා වහපු ගෝඨාගේ පෑන ලක්ෂ 20යි…!

බැලූ බැල්මට මේක නිකන්ම නිකන් සාමාන්‍ය පෑනක් වගේ පෙනුණට මේ පෑන පිටුපස කවුරුත් නොදන්න කතාවක් සැඟවිලා තියෙනවා. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනධිපති ධුරය සඳහා අස්සන් කරපු දා ඉඳලා ධුරයෙන් ඉල්ලා අස්වුණු දවස වෙන තුරුම පාවිච්චි කළේ එකම එක පෑනයි. මේ පෑනේ සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. එකක් තමයි ලෝකෙ තියෙන මිල අධිකම පෑන් වර්ග අතරින් එකක් වන ‘මොන්ට්බ්ලාන්ක්’ (Montblanc) වර්ගයේ මේ පෑනේ සාමාන්‍ය මිල ඩොලර් 490ක් වන අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම නිසා මෙම පෑන මොන්ට් බ්ලාන්ක් ආයතනය විසින් කැරට් 24 රනින් නිපදවා ඩොලර් 5,490ක මිලකට එනම් ලංකාවේ මුදලින් රුපියල් මිලියන 02කට ආසන්න මුදලක් වැයකොට මිලදී ගෙන ඇති බව ජර්මනියේ ‘ද ස්පීකර්’ සඟරාව සඳහන් කොට තිබුණා.

දෙවැනි කාරණාව තමයි රසවත්ම දේ. රුපියල් මිලියන දෙකක් වටින මේ පෑන ගෙන්වලා ගෝඨාභය නිකන් හිටියෙ නෑ. මිථ්‍යා විශ්වාස අදහස ගෝඨාභය ජනාධිපති ධුරයට අස්සන් කිරීමට දින කිහිපයකට පෙර අනුරාධපුරරේ ඥානා මෑණියන්ගේ දේවාලයට ගිහින් ඥානා මෑණියන් ලවා තමා මේ පෑනෙන් අස්සන් තබන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියා මේ මිලියන ගණනක් වටිනා පෑනට මතුරගෙන තිබෙනවා. තවද මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඥානා මෑණියන්ටද ලක්ෂ ගණනින් මුදල් පඬුරු වශයෙන් දී ඇති බවද නොරහසක්. ජනාධිපති ධුරය දරමින් සිටි කාලවකවානුවේ සියලු රාජ්‍ය කටයුතු සඳහා මේ පෑනෙන් අස්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන අවස්ථාවේදී පමණක් මේ පෑන පාවිච්චි නොකළේ ඇයිද කියන එක තවමත් අබිරහසක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *