ක්‍රිකට් හා පාපන්දු සභාපතිවරු ඉලක්කකර අභියාචනා කමිටුවක් !

ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින්

අතෘප්තියට පත් යම් තැනැත්තෙකු හට එම තීරණය හෝ ක්‍රියාවට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කළ හැක. එය 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (30) වන වගන්තිය අනුව ලියාපදිංචි කර ඇත.  


ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් දින ඊයේ (27) වන දින අභියාචනා කමිටුව පත් කරන ලදි.

එම සාමාජිකයින් මෙසේය.

01 විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා – සභාපති
02 ජනාධිපති නීතිඥ ආර්.කේ. දොන් බුද්දිප්‍රිය ශානක රණසිංහ මහතා – සාමාජික
03 වෛද්‍ය මයියා ගුණසේකර මහතා – සාමාජික
04 නීතිඥ ගයාල් කලටුවාව මහතා – සාමාජික
05 නීතිඥ සුදන්ත බන්ඩාර මහතා – සාමාජික
06 නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා – සාමාජික
07 නීතිඥ ගයනි ප්‍රේමතිලක මහත්මිය – සාමාජික


ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාල ආරංචිමාර්ග පවසන්නේ මෙසේ හිටිහැටියේ අභියාචනා කමිටුවක් පත්කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මේලනයේ සභාපති හා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපතිවරු ඉවත්කර ආණ්ඩුවේ හිතවතුන් එම තනතුරුවලට පත්කිරීම සඳහා හෝ ක්‍රීඩා සම්මේලන විසුරුවා හැර අතුරු කමිටු පත්කිරීම සඳහා වියහැකි බවයි.

එම කාරණය සම්බන්ධයෙන් වූ සැකය තවදුරටත් වර්ධනය කරමින්, ක්‍රීඩා අමාත්‍යංශයේ අභියාචනා උපදේශක කමිටුවේ ලේකම්, නීතිඥ ශලනි රොෂානා ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක මුලික පරීක්ෂණ සඳහා සභාපතිවරයාව අද  (29) පස්වරුවේ කැඳවා තිබේ.

09 23

මෙම කාරණය සම්බන්ධයෙන් පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් මෙසේ පැවසිය.  

“අනුර ද සිල්වා හා රංජිත් රුද්‍රිගු යන මහත්වරු අද මේ ප්‍රශ්නය පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් පිටතට අරන් ගිහිල්ලා මේ රටේ පාපන්දු ක්‍රීඩාවට විශාල කළු පැල්ලමක් එක් කරලා තිබෙනවා. අනුර ද සිල්වා මහතාගේ පාලන කාලයේ සිදුව තිබෙන මූල්‍යමය අකටයුතුකම් රාශියක තොරතුරු මා ළඟ තිබෙනවා. එදා පාපන්දු ආයතනයේ මූල්‍ය කමිටුවේ සභාපති ධුරය දැරුවේ රංජිත් රුද්‍රිගු මහතායි.

පාපන්දු ආයතනයේ රුපියල් කෝටි පහකට වැඩි මූල්‍ය වංචාවක තොරතුරු හෙළිවන්නේ ඔය වකවානුව තුළයි. අද අපට මූල්‍යමය වංචා චෝදනා කරන එක්තරා නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමකට ඒ වංචා කළ මුදල්වලින් කොටස් විටින් විට බැර කරලා තිබෙනවා. මේක මම මාධ්‍යයට කියන්නේ පළවෙනි වතාවට. මේ ගැන නිසි විමර්ශනයක් කරන්න අනුර ද සිල්වා මහතා උනන්දු නොවුණේ ඇයි කියලා මා අහනවා.

දැන් අපට පාපන්දු මූලස්ථානයට ඇතුල් වෙන්න දෙන්න එපා කියලා අනුර ද සිල්වා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා. රංජිත් රුද්‍රිගු මහතා එදා ඉඳලා නිලවරණයක් ළංවෙන කොට කළේ සභාපති ධුරයට ඉදිරිපත් වන ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයාට පෙත්සම් ගහන එකයි මඩ ගහන එකයි. ඒක එයාගේ පුරුද්දක් කරගෙන තිබෙනවා.”

මේ අතර පාපන්දු ආයතනයේ පසුගිය වසරක කාලය තුළදී වියදම් ඉහළ යාම ගැන කළ විමසුමකදී ජස්වර් උමාර් මහතා පැවසුවේ මෙය ඉස්මතු කර පෙන්වීමට උත්සාහ ගන්නා අය සැබෑ තත්ත්වය වසන් කරන බවයි.

අනුර ද සිල්වා මහතාගේ පාලන කාලයේදී ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම 185කට නොවැඩි වුවත් අද එහි මිල රුපියල් 360ක් දක්වා ඉහළ යාමෙන් මෙම වියදම්, වැඩි වීමක් ලෙස පෙනෙන බව සැබෑ සත්‍යය වන බවත් එහිදී ඔහු පැවසීය. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *