මායි සැමියයි අවුරුදු 6ක් යාලුවෝ වගේ ඉඳලා අවුරුදු එක හමාරක් ලිවින්ටු ගෙදර් ඉදලා විවාහ වුනේ – චමත්කා

හුස්ම චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයකට රංගනයෙන් දායක වෙමින් සමාජ මාධ්‍ය තුල කතා බහක් ඇති කල චමත්කා ලක්මිණි පුංචි පුතෙක් හිටියත් නිර්මාණයකට කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති රංගන ශිල්පිනියක්.

ඉතින් ඇයට චරිතයක් ලැබුණොත් හැමදාමත් කළේ මුලින්ම ඇය එම චරිතය අධ්‍යයනය කරන එකලු. ඊට පස්සේ තමයිලු ඇයගේ සැමියාට කියන්නේ. ඒ වගේම සමහර චරිත තිබ්බාලු ඔහුට නොකියා කරලා පස්සේ කියපු. ඉතින් ඔහු ඒක එපා කරන්න කියද්දි ඇය ඒක කරලා ඉවරයිලු. නමුත් ඇයගේ තේරීම් අද වෙනකල් වැරදිලත් නැහැ වගේම ඔහු ඒ පස්සේ යන්නෙත් නැහැ කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය හිතන්නේ ඇයව හොදටම තේරුම් ගත්ත සැමියෙක් තමයිලු ඇයට ඉන්නේ. ඒ වගේම ඔහු ගෙදර එන්නෙත් මාස ගානකට පස්සේලු. ඉතින් ඒ නැවක වැඩ කරන නිසා. නමුත් ඔවුන් දෙන්නා නිතරම කතාබහ කරන නිසා ඔවුන් අතර ප්‍රශ්න නැහැ කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඔවුන් දෙන්නා අවුරුදු හයක් යාළුවෝ වගේ ආශ්‍රය කරලා අවුරුදු එක හමාරක් ලිවින්ටුගෙදර් ඉඳලා විවාහ වුණු දෙන්නෙක්ලු. ඉතින් ඔවුන් රණ්ඩු වෙන්නේ නැහැලු. නමුත් ඔවුන් අතර කතාබහක් ඇති වෙනවාලු. ඉතින් ඒ ඇයගේ චරිත ගැනවත් ඇයගේ නිරුවත ගැනවත් නෙමෙයි කියලත් ඇය කියනවා. ඉතින් ඒ ආර්ථිකය ගැන, ඉදිරි සැලසුම් ගැන, බබාගේ අධ්‍යාපනය ගැන ආදි දේවල් ගැන විතරයිලු. ඉතින් ඇයගේ වාසනාවට ඇයට ගැළපෙන නිදහස දුන් සැමියෙක් ලැබුණා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය නිරුවත් චරිතයක් කරද්දී මුලින්ම බලන්නේ ඒ චරිතයට ඇය නිරුවත් වෙන්න ඕනද කියන කාරණාව ගැනලු. ඉතින් බොරුවට නිරුවත් දර්ශන රිංගවලා නම් අනවශ්‍ය එකක් කියලා හිතෙනවා නම් එය භාර ගන්න දෙපාරක් හිතනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම නිර්මාණයට නිරුවත් වීමෙන් කලාවක් තියෙනවා නම් ඇය නිරුවත් වෙනවාලු. ඒ වගේම ඇය කැමරා ඈංගල් ගැන අවධානය යොමු කරනවා කියලත් ඇය කියනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *