මට ඕන විවාහයකින් කෙලවර වෙන ආදරයක්, ඒ නිසා මට කැමති අය මගේ ගෙදරින් අහන්න – නෙත්මි රොෂෙල්

අපේ රටේ කවුරුත් දන්න කියන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නෙත්මි රොෂෙල් දැන් නිවේදන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් කලාවත් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ඇය තවමත් ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණය පිළිබඳ උපාධි අපේක්ෂිකාවක් විදිහටත් ඉගෙනුම ලබනවා.

ඉතින් කවදාවත් රැකියාවක් කරන්න ඕන කියන හැඟීම ඇයට නැහැලු. ඇය කැමති නැහැලු උදේ ගිහින් හවස එන ඒකාකාරී රැකියාවකට. ඉතින් කවදහරි ඇයගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නලු ඇයට ඕන. ඒ වගේම උසස් අධ්‍යාපනය හදාරන අතරතුරේ තමයිලු ඇයට රංගනයට අවස්ථාව ලැබුණේ. ඒ නිසා රංගනය පිළිබඳ ලොකු අත්දැකීම් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම උපාධියෙන් පස්සේ රංගනය ගැන වැඩිදුර හැදෑරීමේ බලාපොරොත්තුවක් ඇයට තියෙනවාලු.

ඉතින් ඒ වගේම ඇයගේ පෙනුම ගැන ගොඩක්ම උනන්දු වෙන්නේ ඇයගේ අම්මාලු. ඒ නිසාම ඇය සැලෝන් යන්නේ නැති තරම් කියලත් ඇය කියනවා. සමට, හිසකෙස්වලට ස්වාභාවික සත්කාර ඔක්කොම කරන්නේ ඇයගෙ අම්මාලු. ඉතින් ඇය නිතරම කියන දෙයක් තමයිලු අලුතින් ලස්සන වෙන්න ඕන නෑ. ඔය ලැබිල තියෙන ලස්සන පරිස්සම් කරගන්න කියලා.

ඉතින් ඒ වගේම ඇයට දැන් යෝජනා නම් ගොඩක් එනවාලු. ඒ වගේම මුලින් මුලින් නම් ඇය හරි තරහෙන්ලු ඒවට උත්තර දුන්නේ. නමුත් දැන්නම් බොහොම ඉවසීමෙන් කියනවාලු ගෙදරින් අහන්න කියලා. ඉතින් ඇත්තටම ආදරයක් තියේනම් ගෙදරින් අහයිනේ කියලයි ඇය කියන්නේ. නිකන් විනෝදෙට අහන අය ඊට එහා යන්නෙ නෑනේ කියලත් ඇය කියනවා. ඉතින් අම්මයි, තාත්තයි ඒක ගාණට බැලන්ස් කරන නිසා ඇයට ලොකු ගැටලුවක් නැහැලු.

ඉතින් ඒ වගේම ආදරය කියන්නේ ඇයට ලොකු දෙයක්ලු. නමුත් ඇයට තේරෙන්නැහැලු කොහොමද ඒක හැන්ඩ්ල් කරන්නේ කියලා. ඒ වගේම ඇය දැකලා තියෙනවාලු ඇයගේ යාළුවො ආදරේ නිසා අඬනවා වගේම ගොඩක් දුක්විඳිනවා. ආදරේ කරන අය වෙනස් වෙනවා. ඉතින් ඇයට නම් ඒ දේවල් දරා ගන්න අමාරුයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය තාම ඒකට පරිණත නැහැලු. ඇය කැමති නැහැලු නිකන් සම්බන්ධතාවක් පවත්වන්න. ඉතින් ඇයට ඕන ඒක විවාහයකින් කෙළවර වෙන්නලු. කොහොම වුණත් ඒවට තව කල් තියෙනවා කියලත් ඇයට හිතෙනවාලු.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *