දේශපාලන වාසි ලබාගැනිමට කුඩා දරුවන් යොදාගැනිම කණගාටුදායකයි..! රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ

දරුවන් පිළිබඳ දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් නිති විරෝධි ජනරාහියක් සිදුවන අරගලකාරී ස්ථානයන්ට දරුවන් රැගෙන යෑමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, “දරුවාට බාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් කිසිම තුවාල තත්ත්වයක් ඇතිවෙලා නෑ. දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා. මේ තත්ත්වයට දරුවන් පත්කිරීමට කටයුතු කිරීම එතරම් සුදුසු නෑ. දරුවන් මෙවැනි අවස්ථාවන්වලට පෙලඹවීම සහ රැගෙන යෑම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක කිසිසේත්ම හොඳ කාරණාවක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ දරුවන්ව ආරක්ෂා කරගන්න.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *