ගාලුමුවදොර අයුතු ජන රාශියට රැගෙන ආ දරුවා වහාම පරිවාස බාරයට පත්කල යුතුයි..! මාධ්‍යවේදි ගුණරත්න අධිකාරි

දේශපාලන උවමනා වලට අවභාවිතා කරන්නට අරං ආපු පුංචි දරුවා වහා පරිවාස භාරයට ගත යුතු බව මාධ්‍යවේදි ගුණරත්න අධිකාරි අවධාරණය කරයි.

අප සිදුකළ විමසුමකදි ඔහු වැඩිදුරටත් සදහන් කලේ අයුතු ජන රාශියකට ළමයි එක්කගෙන යනවා කියන්නෙ ළමයි පලිහක් විදිහට පාවිච්චි කිරීමක්. පසුගිය මාස කිහිපය පුරා ම බලද්දි කුඩා දරුවන් උද්ඝෝෂණවලට සහභාගි කොට ගත් අවස්ථා බොහෝ සංඛ්‍යාවක් අපි දැක්කා. මේක ඉතා අවාසනාවන්ත තත්වයක්.

කුඩා දරුවන්ට එම විරෝධතා පවත්වන්නේ කුමක් සඳහා දැයි කිසිදු අවබෝධයක් නොමැති පසුබිමක ඔවුන් ඒ සඳහා සහභාගි වන්නේ ඔවුන් විසින් තීරණය කොට විරෝධතා දැක්වීමේ අරමුණින් නොව මවුපියන් හෝ භාරකරුවන් කුඩා දරුවන් ඒ සඳහා රැගෙන යන නිසා. විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාළි ආදියෙහිදී විවිධාකාරයේ නොසන්සුන්තා, ගැටුම් ඇතිවන නිසා ඒවාහිදී ආරක්‍ෂා වීමට දරුවන්ට අවබෝධයක් නෑ. අඩු තරමේ දරුවන් රැගෙන යන මවුපියන්ට, භාරකරුවන්ට පවා අවස්ථානුකූලව කටයුතු කිරීමට නොහැකි අවස්ථා උදාවන මොහොතක දරුවන්ව මෙවැනි ස්ථාන වලට රැගෙන යාමම දරුවාගේ ආරක්ෂාවට තර්ජනයක්. මේක භයානක තත්වයක්. වහාම දරුවා භාරකාරත්වයෙන් අපයෝජනය කිරිමක් ලෙස සලකා මේ දරුවා වහාම පරිවාස භාරයට පත්කළ යුතු බවද වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා අවධාරණය කලේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *