හෙට ආරම්භ වන උසස් පෙළ ගැන විශේෂ දැනුම්දීමක්..!

හෙට (23) දින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද (22) දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවත් හෙට දින සිට විභාග මධ්‍යස්ථාන 2,200කදී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් සිසුන් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය එළඹෙන පෙබරවාරි මස (17) වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

අද දිනයේ සිට සියලුම විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර තවදුරටත් සදහන් කරයි.

තවද අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

ඒ රචනා ප්‍රශ්න පත්‍රය ලබාදී නියමිත පැය 3ක කාලය අවසන් වු පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *