රිළවු රැළක් උලු ගලවා කඩේකට රිංගා බිත්තර පෙට්ටියක්ම බීලා..!

රුපියල් හැත්තෑ පන්දහසකට වැඩි මුදලක් වැය කර රිළා කරදරයෙන් මිදෙන්නට නිවස හා වෙළෙද සල වටා ආරක්ෂාකාරි කම්බි දැළක් ගසා වෙළෙද සල වසා ගිය අවස්ථාවේ දී වහළයේ උලු ඉවත් කොට ඇතුල් වු රිළා රංචුවක් බිත්තර තොගයකට,කිරි පිටි,පරිප්පු,සීනි,හාල් ඇතුළු භාණ්ඩවලට හානිකර තිබෙන පුවතක් මොරගොල්ලාගම,සියඹලන්ගමුව ග්‍රාමයෙන් අසන්නට ලැබුණි. සිදු වෙච්ච අකරතැබ්බිය ගැන වෙළෙද සල්හිමියා ‘දිනමිණට’ මෙසේ පැවසීය.

‘කහල්ල පල්ලේකැලේ රක්ෂිත සීමාවේ වෙසෙන අපිට නිරතුරුවම එල්ලවෙන අලි තර්ජනවල නිමාවක් නැහැ. නමුත්

දැන් රිළවුන්ගෙන් වෙන හානිය අලින්ටත් වඩා භයානකයි. වතුවල වගා විනාශ කරනවා. ගෙවල්වලටත් ඇතුල් වෙනවා.

පොඩි දරුවෙක් පවා ඇදක නිදි කර තියන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.අපේ ගෙදරටත් කඩේටත් රිළව් එනවා. දොර ජනෙල් වැහුවට බිත්තිය හා වහළය අතර තිබෙන හිදැස් අතරින් ඇතුළට රිංගනවා.මේකට විසදුමක් ලෙසට කම්බි දැල් ගෙනාවා. යකඩ ප්‍රේම් බටත් ගෙනාවා. වියදම 75 000 කට වැඩියි.ගෙදරත්, කඩේත් සියලු හිදැස් වැහෙන්න කම්බි දැල් ගැහුවා. කරදරේ ඉවරයි කියලා හිතාගෙන ක‍ඩේ වහලා ගමනක් ගියා.

පස්සේ ඇවිත් කඩේ ඇරලා බලද්දි උලු කැට ගලවලා රිළව් ඇතුල් වෙලා බිම තිබු බිත්තර පෙට්ටියේ තිබු බිත්තර 150 ක් විතර සියල්ල කඩලා බීලා.

පොල්පිතිගම – නන්දන කැලේගම

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *