ගෝඨාගේ කොමිසමක තීන්දු කුණු බක්කියට..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ  කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ අදාළ නිර්දේශ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *