රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම්

උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීනට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ.

අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ පංති සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින හෙයින් ඒවා සම්පූර්ණ කිරීමට මෙම පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම තරග විභාගයෙන් පසුව ගුරුවරුන් පත් කිරීමෙන් පසුව තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *