වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912දී හඳුන්වා දී තිබුණි.

එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට ඒ අනුව කටයුතු කෙරේ.

අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරනාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම යෝජනාව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *