අද කෑගහන විපක්ෂය එදා අභියෝග වලට බයේ හැංගුන අභියෝගාත්මක අවස්ථාවේ නොබියව රට බාරගත්තේ ජනපති රනිල්..! උපුල් මාලේවනගෙන් ප්‍රකාශයක්.!

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය මෙන්ම දුර්වල රාජ්‍ය පාලනය නිසා අකර්මණ්‍ය වූ රටේ වගකීම භාර ගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම සජිත් අනුර ප්‍රමුඛ විපක්ෂයට ආරාධනා ලැබී තිබියදී තම ආර්ථික විශේෂඥයින්ගේ අදහස් නිසා එම ආරාධනාවන් විවිධ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කරමින් සැගව සිටි විපක්ෂ දේශපාලන නායකයන් පසුගිය වසරේ අරගලයේ උච්චතම අවස්ථාවේ එනම් හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාව අතහැර පලාගිය අවස්ථාවේ අභියෝග වලට බිය නැති අභීත නායකයෙකු ලෙසින් ශ්‍රී ලංකාවේ අනාගතය බාර ගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කැස්බෑව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රසිද්ධ ව්‍යාපාරික උපුල් මාලේවන මහතා පවසයි. එදා ඔවුන් රටේ අනාගතය බාර නොගෙන කර අරිමින් හැංඟුණු බව අද ඔවුනට අමතක වී ඇතැයි ද ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

තෙල් පෝලිම් ගෑස් පෝලිම් මෙන්ම පැය දොළහකට 13කට අධික විදුලි කප්පාදුව හමුවේ අකර්මණ්‍යව පැවතී මව්බිම නැවත ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමේ අභියෝගය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට වසරකට පෙර තම දෑතට භාරගත් අතර මේ මොහොත වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට එතුමාගේ දර්ශනය සහ වැඩපිළිවෙළ සමත් වී ඇත.

එදා උද්ධමනය සියයට දෙසිය සීමාවට ආසන්න වෙමින් තිබියදී ලෝකයෙන්ම සිම්බාබ්වේ දේශයට පමණක් උද්ධමනය අතින් ශ්‍රී ලංකාව දෙවෙනි වෙද්දි ලංකාවේ අනාගතය බාර ගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ උද්ධමනය 10% ට අඩු අගයකට ගෙන ඒමට ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ සමත්කම් දැක්වීය. තෙල් පෝලිම් නැතිවන විට ගෑස් පෝලිම නැති වන විට රටේ අස්ථාවරභාවය පහව යන විට බලය ලබා ගැනීමේ ලබාගැනීමේ උමතුවෙන් පෙළෙන ඇතැම් අන්තවාදී දේශපාලන නායකයන් ජනතාවට මහමගට එන ලෙස කරන ආරාධනා සියල්ලම මේ මොහොත වන විට වන විට ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ කෙරෙහි ජනතා විශ්වාසය දිනෙන් දින වැඩිවන බවත් අප වෙබ් අඩවිය සමගින් දුරකථනය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් උපුල් මාලේවන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සුබදායී විශ්ලේෂණයන් නිකුත් කරන මොහොතක, සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ම ශ්‍රී ලංකාව සමග සමග අත්වැල් බැඳගෙන ඇති මොහොතක ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමගේ වගකීම 2048දී සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වීම බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *