ජාතික සංහිදියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්‍යශීලී ප්රතිපත්තියක සිට කටයුතු කරන නායකයෙකු වන බැවින් දමිළ දේශපාලන නායකයන් දමිල ජනතාවගේ ප්‍රශ්ණ විසදා ගැනීම සදහා සහයෝගයෙන් කටයුතු කළයුතු බව වෙළද රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් මහතා පැවසීය.
පසුගිය සමයේ ජනාතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මේ වන විට යම් ප්‍රමාණයකට සමනය වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික අර්බුදයෙන් රට මුලුමනින්ම ගොඩගැනීම සදහා ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව හා කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට සියලු දෙනා සහාය දියයුතු බවත් අවධාරණය කළේය. වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.