විදුලි ඉංජිනේරුවරයාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය සමාජය තුල අනවශ්‍ය ගැටළු මතුවීමට හේතුවක්..! ශ්‍රි පාද විදුලිබිල් කතන්දරයේ ඇතුලාන්තය..!

මේ දිනවල මාධ්‍ය තුල සහ සමාජ මාධ්‍ය තුල දැඩි සාකච්ඡාවට බදුන් වෙමින් ඇති ශ්‍රී පාදස්ථානයේ විදුලි බිල පිළිබඳව නිර්මාණය වී ඇති කතිකාව හුදෙක්ම එම ප්‍රදේශය භාර විදුලි ඉංජිනේරුවරයෙකු ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා මතු වූ කරුණක් බව මේ පිළිබඳව අදහස් දක්වන සමාජ විශ්ලේෂකයින් සදහන් කරති. විදුලි බිල ගෙවනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නම් ඒ පිළිබදව විමසිය යුත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බව ඉතා පැහැදිලි පසුබිමක විදුලි ඉංජිනේරුවරයා ඒ පිලිබදව නායක ස්වාමින් වහන්සේගෙන් විමසා සිටින්නේ කුමන පදනමකින්ද යන්න ඉතා අපහැදිලි තත්වයකි.

පසුගිය වසර කිහිපය පුරාවට සම්පූර්ණ විදුලිබිල ජනාධිපති ලේකම් කාර්යාලය මූලිකත්වය ගනිමින් ගෙවා දමන පසුබිමක ඒ පිළිබඳව වගකීම් විරහිතව මාධ්‍යවේදින් ඉදිරිපිටදී නායක ස්වාමීන් වහන්සේගෙන් විමසා උන්වහන්සේගෙන් ලිපියක් ඉල්ලීමේ පසුබිම තුළ විද්‍යාමාන වන්නේ එම ඉංජිනේරුවරයාගේ වගකීම් විරහිත බව සහ යම් දේශපාලනික කල්ලියක උවමනාවක් ඉටුකිරිමේ අවශ්‍යතාවය මත රජය අපහසුතාවයට පත්කිරිමේ චේතනාව මිස අන් කිසිවක් නොවන බව සදහන් කළ යුතු අතරම මේ වසරේ විදුලි බිල ගෙවීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර නොමැති පසුබිමක වගකීම් විරහිතව නිලධාරින් මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න මතු කිරීම තුළ සමාජය තුළ අනවශ්‍ය කතිකාවන් නිර්මාණයවීම පමණක් සිදුවන බව අවධාරණයෙන් යුතුව සදහන් කළ යුතුව ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *