පාර අයිනේ නවත්වන වාහන පොලිසියෙන් ඇදගෙන යයි..!

දෙසැම්බර් 31 වෙනිදා පස්වරු 05.00 සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ නගරයට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැසක් එක්ව නිසා මෙම වැඩපිළි ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසීය.

කොටුව කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය පොලිස් බල් ප්‍රදේශවල මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මකය.

මෙම කලාපයන්ට අධික ලෙස රථ වාහන ඇතුල්වීම වැළැක්වීම සඳහා රථ ගාල් කිහිපයක් සූදානම් කර ඇති බවද පැවසූ ඔහු එම ස්ථානයන්ට පරිබාහිරව නවත්වන රථ වාහන පොලිසිය විසින් ඇදගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

එසේ කිසියම් වාහනයක් ඇදගෙන ගියොත් ඒ සඳහා වන වියදම ගෙවීමටත් දඩ මුදල් ගෙවීමටත් සිදුවනු ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *