මන්දනා කෝටි 3.4කට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද පැවැත්විණි. එහිදී අලෙවි වූ ප්‍රථම ක්‍රීඩිකාව වූයේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනායි. මන්දනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 3.4ක මුදලකටය.

සිකුරාදා IMF සාකච්ඡාවට එක්වන රටවල් මෙන්න

සිකුරාදා දිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අථත්‍ය වටමේස සාකච්ඡාවට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ G-7 කණ්ඩායම මෙන්ම ණය සහනයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912දී හඳුන්වා දී තිබුණි. එය වර්තමානයට ගැළපෙන පරිදි…

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම්දීමක්…!

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවනතෙක් එම කටයුතු සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රනාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන හාරසිය හැට එකක් පමණ…

බොර තෙල් මිල වෙනස් වෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණි. විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය…

වාහනහිමියන් ට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්

ටොයොටා ලංකා පුද්ගලික සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ Toyota Corolla සහ Yaris  වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙනි. මේ වනවිටත් ඊට අදාළ විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ද එම නිවේදනයේ…

මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහලට

(අංජුල මහික වීරරත්න) මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ  නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ලංකාවට වාර්ෂිකව  අවශ්‍ය සමස්ත වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන්…

සුද්දන්ගේ හිත තල්වලට යයි

(සුජිත් හේවාජුලිගේ ) තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී…

වසන්ත නිදහස් කළාට එරෙහිව නීතිපතිගෙන් අයදුම්පතක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බවට පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර…

ජනපති යාපනයේ දී කුඹුරට බසියි

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය….