ආදරයෙන් ඇති දැඩිකල ගවයාගේ අකල් වියෝවට සංවේදි වු නිවැසියෝ බණක් කියලා පන්සලට දානෙකුත් දීලා..!

තමන් ආදරයෙන් ඇති දැඩි කල සුරතල් ගවයෙකු එම ගම්මානයේම වෙසෙන අසල්වැසි හරක් හොරෙක් විසින් මස් කඩයට විකුණා දමා ඒ සත්වයාව මස් උදෙසා මරා දමා ඇති බව දැනගැනීමෙන් පසු එම මියගිය ගවයාට පින් පිණිස බණ කියා දානයක් දුන් නිවසියන් පිරිසක් පිළිබඳව තොරතුරු තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ..

අපට වාර්තා වන තොරතුරු මෙසේය..


මීට දින කිහිපයකට උඩදී අදාළ නිවසේ දැඩි ආදරයෙන් සුරතලයට ඇති දැඩි කළ ගවයකුව කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් විසින් පැහැර ගෙන ගොස් ඇති අතර කරුණු සොයා බැලීමේදී එම ප්‍රදේශයේ සිටින ගම්මුලාදෑනියකට නෑකම් කියන තරුණයෙකු විසින් මේ අසරණ සත්වයාව මස් කඩයට දක්කා ඇති බවට නිවැසියන් දැනුම්වත් වී ඇත.

මේ පුවත දැනගත් සැනින් නිවැසියන් අදාල මස් කඩය වෙත ගියද ඒ මොහොත වන විටත් ඔවුන් ප්‍රමාද වැඩිය..


අදාල සත්වයාව ඝාතනය කර මස් කොක්කේ එල්ලා තිබී ඇති අතර කිසිවක් කර කියා ගත නොහැකි වූ නිවසියන් නිහඬවම ගෙදරට පැමිණ ඇත.

අදාල සිදුවීම පිළිබඳව ගම්මානය දැනුවත් වූ පසු අදාල තරුණයාව නිවසින් පන්නා දමා ඇති අතර එම නිවැසියන්ව ගම්මානයෙන් කොන් කිරීමට ද ගම්වැසියන් කටයුතු කර ඇත.

කෙසේවෙතත් මේ සිදුවීම පිළිබදව දැඩි සිත් තැවුලට පත් නිවැසියෝ එම මියගිය ගවයාට පින් පිණිස බණ පිංකමක් සහ දහවල් දානමය පිංකමක් සංවිධානය කර පිං අනුමෝදන් කර ඇති බවද අපට වාර්තා වේ..

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *