ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම

රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. එ අනුව අවශ්‍ය ගෑස් තොග ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවයි ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද…

ලොතරැයි මිල ඉහළට..!

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක මිල ජූලි 6 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

‘අස්වැසුම’ට අභියාචනා ලක්‍ෂ 4ක්..! විරෝධතා 6000ක්..!

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්‍ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය. ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා…

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 16%කින් ඉහළට..!

ශ්‍රී ලංකා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව මැයි මස සියයට 16.6 කින් වර්ධනය වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය මැයි මාස ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 ක් වූ බවත්…

අයවැය පරතරය අඩුකරගන්න ලෝක බැංකුවෙන් ජනපති රනිල්ට ඩොලර් මිලියන 700ක්..!

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 මුදලක් අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා සහාය වීමට ලබා දී ඇති අතර ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක…

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ

එයාර් වයිස් මාර්ෂල් උදේනි  රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී. ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල්  සුදර්ශන පතිරණ මහතා අද  (29) විශ්‍රාම ලැබීය.  උදේනි රාජපක්ෂ මහතා පත් කෙරුණේ ඒ අනුවය….

කොමිෂන් දෙකක් පත් කරයි

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.  මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන්…

නාවලපිටියේ දී මහ දවල් සිදුවු දැවැන්ත සොරකමේ සුලමුල එළියට

නාවලපිටිය ප්‍රදේශයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුත්තකට පෞද්ගලික ආයතනයක් විසින් ගෙනවිත් තිබු කාපට් තලන යන්ත්‍රය ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කල සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය මෙහෙයුමක් දියත් කර තිබේ. රු ලක්ෂ 130ක් පමණ වටිනා මෙම කාපට් තලන යන්ත්‍රය…

මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (30) දින උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වනපරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම්දෙයි. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති…

හිටපු ජනපති යාපනයේ සංචාරයක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත. මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි. යාපනයේ පවතින ගැටලු සහ රටේ තත්ත්වය…