ජවිපෙ හිටපු මන්ත්‍රි නලින් හේවගේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලා පොහොට්ටු මන්ත්‍රි විරසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට..!

ජාතික ජන බලවේගය ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙයි. 88-89 භීෂණ කාලයේ ඝාතනය කරන ලද්දේ ස්ත්‍රී දූෂකයන්, හොරුන්, කසිප්පු කරුවන් යැයි…

මා වැනි නායකයෙකුට උගත් බුද්ධිමත් තාර්කික ජනතාවක් එක් වූ විට වේගයෙන් ඉදිරියට යාම කිසිවෙකුට වලකන්න බෑ… සජිත් ප්‍රේමදාස

සමාජ මාධ්‍ය තුළදී කැපී පෙනෙන්නට උත්සාහ කරනවාට වඩා රට වෙනුවෙන් දරන්නට අප හට වගකීම් සම්භාරයක් ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි. සමාජ මාධ්‍ය තුළදී කැපී පෙනෙන්නට උත්සාහ…

එදා ගෝටාභයට තිබූ රැල්ල අද මාලිමාවටයි..- අනුර ස්වීඩනයේදී

ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය හුවමාරුවීම වැළැක්වීම සඳහා සියලු සතුරු පාර්ශවයන් එක්වෙමින් සිටින බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකද…

කදුකරයට වියළි කාලගුණයක්.. රාත්‍රියේ දැඩි මිදුම්…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණ තත්ත්වයක් පවති. රාත්‍රි කාලයේ ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට…

බහුවිධ පක්ෂ නියෝජනය කල නුවරඑලිය දිස්ත්‍රික් පලාත් පාලන අපේක්ෂකයන් 53ක් එජාපයට..!

නුවරඑළිය , මස්කෙළිය, හැටන් , කොත්මලේ , හඟුරන් කෙත හා වලපනේ ඡන්ද බල ප්‍රදේශවල පළාත් පාලන ආයතන නියෝජනය කළ ප්‍රධාන පක්ෂ පහක හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් ඇතුළු අපේක්ෂකයන් එකතුව 53දෙනෙකු ජනපතිගේ ප්‍රතිපත්තියට සහාය වෙමින් එජාපය සමග අත්වැල් බැඳගැනීමේ…

ඉරාන ජනාධිපති හමුවෙන්න ඉල්ලුවත් වෙලාවක් දුන්නෑ..! සජිත් ඉරානයට ලියයි..!

ඉරාන ජනාධිපති ඊබ්‍රාහ්ම රයිසි මහතාගේ  ශ්‍රී ලංකා එක්දින සංචාරය අතරතුර ඔහු හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැමැත්තෙන් සිටි බව විපක්ෂ නායක කාර්යාලය විසින් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක කාර්යාලය විසින් මාධ්‍ය…

චමින්ද විජේසිරිගේ මන්ත‍්‍රීකමේ ගණුදෙනුවෙන් නලින් බණ්ඩාරට කෝටි පහක් ලැබුණු බවට ඇමති චාමර සම්පත්ගෙන් චෝදනා..!

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතාගේ මන්ත්‍රී ධුරයෙන් විකිණීමේ ගනුදෙනුව සිදු කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මැදිහත් වීමෙන් බව රාජ්‍ය අමති චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරයි. ඒ හරයා රුපියල් මිලියන 50ක ගනුදෙනුවක් උපයා ගත් බවටද…

තෙවරප්පෙරුම බිරිද දේශපාලනයට කැදවයි…!

හිටපු නියෝජ්‍ය ඇමැති පාලි­ත තෙව­ර­ප්පෙ­රුමගේ සත්දින දාන­මය පින්ක­මේදී තෙව­ර­ප්පෙ­රුම බිරි­ය ශෙරීන් තෙව­ර­ප්පෙ­රුම මහ­ත්මි­යට සුදුසු පක්ෂ­ය­කින් දේශ­පා­ල­නට එන්නයි මහා සංඝ­ර­ත්නය ඉල්ලී­මක් කරති. මේ ඉල්ලීම කරනු ලැබුවේ පාලිත තෙව­ර­ප්පෙ­රුම හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ සත් දින දාන­මය පින්කම ශතා­ධික මහා සංඝ­ර­ත්නය සහ දස­සිල්…

පාර්ලිමේන්තු මැතිවරණයකට කොමිසම සූදානමින්..

එළඹෙන මැයි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මාස දෙක කාලයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ජනාධිපතිවරණයක් පැවැත්වීමට මීළඟට නියමිතව ඇතත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාලවකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවනු ඇති බවද…

හිරු බලය කෝලහලයක් වෙයි.. නලින් හේවගේ නැගිට යයි… මාධ්‍යවේදියාටත් බැණුම්..

ඊයේ රාත්‍රියේ හිරු නාලිකාවේ පැවති ‘බලය’ වැඩසටහන ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වූ තිස්ස කුට්ටිආරච්චි සහ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරැන් හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා ලෙස පැමිණි හිටපු පළාත් සභා මන්ත‍්‍රී නලින් හෙවගේ මහතාත් අතර විටින්…