ටෙලිෆෝනයයි මාලිමාවයි අයිස් වගේ දියවෙනවා.. රනිල් දිනන එක ෂුවර්… හිටපු මන්ත්‍රි රංගෙ බණ්ඩාර

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් ඇති ජනප්‍රියභාවය අතේ රැඳී ඇති අයිස් කැටයක් මෙන් වේගයෙන් දිය වී යන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගන්නා බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හීටපු පුද්ගලික ලේකම්වරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහගේ සහයෝගය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානම් කළේ දැයි සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා විසින් ප්‍රශ්න කරනු ලැබූ අතර එජාප මහලේකම්වරයා එම කරුණ පිළිගනු ලැබීය.

ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක සමාජිකයින් මේ වන විට එක් වෙමින් සිටින බවය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *